ඕමානයේ මස්කට් නුවර “සුරක්ෂා” නිවසේ රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 07ක් දිවයිනට (ඡායාරූප)

ඕමානයේ මස්කට් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට අනුබද්ධිතව පවත්වා ගෙන යනු ලබන “සුරක්ෂා” නිවසෙහි රඳවා සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 07 දෙනෙකු අද (08) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඕමානයේ “සුරක්ෂා”නිවසෙහි රඳවා සිටින ගෘහ සේවිකාවන් 118 දෙනා අතරින් 11 දෙනෙකු ශ්‍රී ලංකාවට පිටත්කර එවීම සදහා මස්කට් නුවර ගුවන් තොටුපළ වෙත රැගෙන විත් භාර දී ඇති අතර, එහිදී ගෘහ සේවිකාවන් 04 දෙනෙකුගේ ලියකියවිලි පිළිබඳව ඇති වූ ගැටළුවක් මත ඔවුන් ගුවන් යානය විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඒ, අනුව ඉතිරි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 07 දෙනා අද (08) අලුයම 05.21ට ඕමානයේ මස්කට් නුවර සිට මෙරටට පැමිණ බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්.- 206 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි මෙම පිරිස ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් භාර ගෙන තිබෙනවා.

පසුව මෙම ගෘහ සේවිකාවන් 07 දෙනා කටුනායක, 18 කණුව ප්‍රදේශයේ පිහිටි “සහන පියස” සේවා මධ්‍යස්ථානය වෙත රැගෙන යාමටයි පියවර ගෙන ඇත්තේ.

මෙලෙස අද දිනයේ මෙරටට පැමිණ ඇත්තේ වෙන්නප්පුව, ත්‍රිකුණාමලය, කින්නියා සහ මඩකලපුව යන ප්‍රදේශවල පදිංචිකාරිනියන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23