ඕනෑම තර්ජනයකදී ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් රැකීමට තීරණාත්මක පියවර ගන්නවා – නරේන්ද්‍ර මෝදි

පාකිස්ථානයට එරෙහිව දියත් කළ සින්දූර් මෙහෙයුමෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඊයේ (12) ජාතිය අමතනු ලැබුවා.

ජීවිත 26 ක් බිළිගත් පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් සිදුකළ සින්දූර් මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොවන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

එය ත්‍රස්තවාදයට එරෙහි ප්‍රතිපත්තියක් බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

පාකිස්ථානයට එල්ල කරන ප්‍රහාර අවසන් වී නැති බවත්,එම ප්‍රහාර අත්හිටුවා ඇත්තේ පාකිස්ථානය ත්‍රස්තවාදීන්ට එරෙහිව පියවර ගන්නා බවට පොරොන්දු වීමෙන් පසුව පමණක් බව ද මෝදි අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

ඉන්දියාව පාකිස්ථානයේ ක්‍රියාමාර්ග සමීපව නිරීක්ෂණය කර ඒ අනුව ක්‍රියා කරන බවයි ඔහු මෙහිදී අවධාරණය කර සිටියේ.

පාකිස්තානය සමඟ සාකච්ඡා තිබේ නම් එය හුදෙක් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් වූ සාකච්ඡා පමණක් බවත් බුදුරජාණන් වහන්සේ විසින් ඉන්දියානුවන්ට සාමයේ මාර්ග පෙන්වා දී ඇති බැවින් සෑම ඉන්දියානුවෙකුටම සාමයෙන් ජීවත් වීමට හැකි විය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එමෙන්ම ඕනෑම තර්ජනයකින් ඉන්දියාව සහ ඉන්දීය පුරවැසියන් ආරක්ෂා කිරීමට තීරණාත්මක පියවර ඉදිරියේ දී ගන්නා බවත් ඉන්දීය අග්‍රමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

  1. What ever he says it’s all about truth. lord buddha never asked go ahead and wage the war or killing never waive. Islam always allowed to kill his neighbours. Suppose if they are doesn’t change the religion. Muslims conquering the world 🌎 by sword and intimidating. this time india 🇮🇳 doing good. Wipe off



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25