ඕනෑම අවස්ථාවක අභියෝගයන්ට මුහුණදීමට රට තුළ ආරක්ෂාව හා සාමය පවත්වාගෙන යා යුතුයි – ආරක්ෂක නියෝජ්‍ය ඇමති

ඕනෑම අවස්ථාවකට ඇතිවිය හැකි අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට සඳහා රට තුළ ආරක්ෂාව සහ සාමය පවත්වා ගත යුතු බව‍ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර පවසනවා.

දියතලාව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ අධිකාරි ලත් නිලධාරින් විසිරයාමේ පෙළපාලියට පසුගිය දා (21) එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ජාතිය ගොඩනැගීමේ දී අභියෝගවලට මෙන්ම ඉදිරියේදී ඇතිවිය හැකි ගෝලීය තර්ජනයන්ට මුහුණ දීම සදහා හමුදා නිලධාරීන් සතුවිය යුතු සූදානම පිළිබඳව ද මෙහිදී නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා පැහැදිලි කර සිටියා.

ආරක්ෂක අංශවල කැපවිම, නොසැලෙන අධිෂ්ඨානය, නායකත්ව ගුණාංග සහ ස්වයං විනය ඉදිරි වසරවල දී ජාතියේ ප්‍රතිෂ්ඨාපනය සහ ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය වනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, යුධ හමුදාපති ලු‍තිනන් ජෙනරල් විකුම් ලියනගේ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17
Video thumbnail
කාකදූපත පිරිසිදු කරන්න බැස්ස යුද හමුදාපති
01:16
Video thumbnail
වසර 50කට පසු හිස්කළ බෝවතැන්න ජලාශයෙන් රජරටට නැවුම් ජල ධාරාවක්
06:59
Video thumbnail
යහළුවන් සමඟ විනෝදයට මසුන් අල්ලන්න ආ දරුවා දියේ ගි# අතුරුදන්
01:53
Video thumbnail
වෙන රජයක් ආවම මෙයාලට යන්න අලුත් බන්ධනාගාර හදන්න වෙනවා - දැන් රොත්ත පිටින් ඇතුළට යනවා..
01:48
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හසුවූ බඩල්ගම ඛේදවාචකයේ නවතම දර්ශන - "අනෙ අම්මේ..මොකද වුණේ..දෙයියෝ ?"
02:02
Video thumbnail
පොළොන්නරුවට ගිය ‍රංජිත් රටටම කිව්ව දේ - ආණ්ඩුවත් අනිත් පක්ෂත් අද බයවෙලා
04:39
Video thumbnail
පයාගල මුහුදේ දිය නාන්න ගිය පාසල් සිසුවෙක් අතුරුදන් - අතුරුදන් වූ දරුවා සොයා මෙහෙයුම්
00:41