“ඕනම උදව්වක් කරන්නම්” – පොහොට්ටු මන්ත්‍රී ටික්ටොක් ලෝචිට ලිපි ලියයි

ටික්ටොක් ඇතුළු සමාජ ජාල කිහිපයක ප්‍රසිද්ධියට පත් චරිතයක්වන “ලෝචි” හෙවත් ලෝචනා ජයකොඩි හට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාඝවන් ලිපියක් ලියා තිබෙනවා.

ඔහු මෙම ලිපිය ලියා ඇත්තේ මාධ්‍යවේදී ළහිරු මුදලිගේ සමගින් ලෝචනා සහභාගී වූ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවක් නැරඹීමෙන් අනතුරුවයි.

ළහිරු මුදලිගේ සඳහන් කර ඇත්තේ ලෝචනා ජයකොඩිගේ ලිපිනයක් හෝ ඇය සමග සම්බන්ධ විය හැකි වෙනත් ක්‍රමයක් රාඝවන් මන්ත්‍රීවරයා සතුව නොතිබුණු හෙයින් ඔහු මෙම ලිපිය තමන්ට භාර දුන් බව යි.

ලිපිය ලෝචනා වෙතට ලබා දෙන්නැයි මන්ත්‍රීවරයා දැන්වූ බව ද ළහිරු මුදලිගේ පවසනවා.

මෙය ලියන්නේ ඉතා ගෞරවයෙන් සහ අභිමානයෙන් යුතුව බව කියමින් ලිපිය අරඹන රාඝවන් මන්ත්‍රීවරයා පවසන්නේ, සාමාන්‍ය පවුලකින් පැමිණි සාමාන්‍ය තරුණියක ලෙස ලෝචනා, තම වේදනාවන්වලින් පන්නරය ලබා ඇති ආකාරය තමන් බොහෝ සෙයින් අගය කරන බවයි.

යූටියුබ් ඔස්සේ තමන් ලෝචනාගේ වීඩියෝ නරඹා ඇති බවත්, මෙරට ජනතාව එදිනෙදා විඳිනා දුක් ගැහැට පිළිබඳව ඇයට අවබෝදයක් පවතින බව එම වීඩියෝ ඔස්සේ තමන්ට දැණුනු නමුත් ලෝචනා ද දුක් විඳින චරිතයක් බවට තමන් කිසිදිනක විශ්වාස නොකළ බවත් සුරේන් රාඝවන් පවසනවා.

“මමත් ඔබ වගේම වේදනාවල් සහ දුක් ගැහැට සමග දිගු ගමනක් ආ කෙනෙක්. එහෙත්, මම අද දිනයේ ඉන්නා තැන ගැන මට ගොඩක් සතුටුයි.” යනුවෙන් ද ඔහු සඳහන් කරනවා.

සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, තරුණ තරුණියන් අතර පරමාදර්ශී චරිතයක් බවට පත් වීමට ලැබේවා යි තමන් ලෝචනාට ප්‍රාර්තනා කරන බවයි.

එමෙන්ම සිය හැකියාව යොදාගෙන තවත් පුළුල් ලෙස මෙරට පවතින ගැටළු පිළිබඳව ජනතාව වෙත ආමන්ත්‍රණය කිරීමට ලෝචනාට හැකිවෙතැයි බලාපොරොත්තුවන බව ද මන්ත්‍රීවරයා සටහන් තබා තිබෙනවා.

ලිපියේ අවසන් භාගයේ දී සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ තමන්ට හැකි ඕනෑම උදව්වක් ලෝචනා හට සිදු කිරීමට තමන් සූදානම් බවයි.

“කරුණාකර මට හට කතා කිරීමට හෝ ඕනෑම උදව්වක් ඉල්ලීමට පැකිලෙන්න එපා” යනුවෙන් මන්ත්‍රීවරයා සිය ලිපිය අවසන් කරනවා.

සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා ලෝචනා ජයකොඩි හට ලබා දෙන මෙන් ළහිරු මුදලිගේ වෙත ලබා දුන් ලිපිය සහ එයට මුල් වූ යූටියුබ් වැඩසටහන පහතින්…



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40