ඔළුව පාත් කරපු කාලෙ ගියා.. ජනාධිපති එය දැනගත යුතුයි.. අගරදගුරුතුමාගෙන් ජනපතිට රතු එළියක්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගිනිගැනීම හේතුවෙන් අපවිත්‍ර වූ සරුක්කුව වෙරළ තීරය පිරිසිදු කිරීමේ ප්‍රමාදය ගැන සොයා බැලීමට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (26) එම ස්ථානයට පැමිණියහ.

දැඩි ලෙස අපවිත්‍ර වී ඇති සරක්කුව වෙරළ තීරය කාදිනල් හිමියන් පැමිණීමට පෙර කිසියම් පිරිසක් පිරිසිදු කර තිබූ අතර එම අවස්ථාවේ එහි සංවාදාත්මක තත්ත්වයක් හට ගෙන තිබිණ.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් මේ ස්ථානයට පැමිණියේ, එම සංවදාත්මක තත්ත්වයෙන් අනතුරුවයි.

එම ස්ථානයට පැමිණි කාදිනල් හිමියන් රජයෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ, ‍නැව ගිනි ගැනීමෙන් රටට වූ හානිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කරන ලෙසයි.

”මේක අපේ රට නැව් සමාගම්කාරයො යන්න යයි. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ, ජනාධිපතිතුමාගනේ ඉල්ලා සිටින්නේ මේ රටට හානියක් වුණ මේ සිද්ධිය පිළිබඳ සම්පූර්ණ විමර්ශනයක් කළ යුතුයි. ඇයි මේ නැව දවස් ගණන් ගිනිගන් න ඉඩ තිබ්බෙ? ඇයි ඒ වෙලාවෙම නැව් එළියට ඇදගෙන යන සමාගම් සමග කතා කරලා ඒකට පිළියම් යොදන්න බැරි වුණේ? ඒවා ගැන විමර්ශනයක් කරන්න.. මම නඩුවකුත් දාලා තියෙනවා. මේ ධීවර ජනතාව වෙනුවෙන් දඩ මුදල් ඉල්ලලා මේ පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළ වඩාත් ශක්තිමත්ව ඉෂ්ඨ කරන්න”

තව ද නැව ගිනි ගැනීමෙන් ධීවර ජනතාවට විශාල පාඩුවක් සිදුව ඇති බවත් රටේ ස්වාධීනත්වය, ස්වෛරීත්වය ආරක්ෂා කිරීමට ජනාධිපතිතුමා ද දැනගත යුතුව ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

අදාළ සමාගමට සහ ඉන්ෂූවරන්ස් සමාගමට එරෙහිව මෙම නඩුව ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යා යුතු බව අවධාරණය කළ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ, ඒ සඳහා ජනතාව හඬ නැගිය යුතුව ඇති බවයි.

”අපේ රට ස්වාධීන රටක්. ජනාධිපතිතුමත් ඒක දැනන්න ඕන . ස්වාධීනත්වය අපේ ස්වෛරීත්වය ආරක්ෂා කරන්න ඒ වෙනුවෙන් කතා කරන්න. එයාලා වෙනත් රටකට ගිහින් මේ වගේ දෙයක් කළොත් ඩොලර් බිලියන ගණන් ගෙවන්නෙ, මේක දැන් සාකච්ඡා කරලා වැඩක් නෑ. දැන් අපි බලපෑම් කරන්න ඕන. ජනතා හඬ නැගීම කරන්න ඕන. ධීවර ජනතාව හඬ නගන්න ඕන. කරුණාකරලා ජාත්‍යන්තර අධිකරණයට ගෙනියන්න කියලා මේ නඩුව කොම්පැනියට හා ඉන්ෂූවරන්ස් සමාගමට විරුද්ධව එයාලා මේ අපිට බලපෑම් කරලා නිලධාරීන්ට බලකරවලා සොච්චමක් දීලා බේරෙන්න ඒගොල්ලන්ට ඉඩ දෙන්න බැහැ. මේක අපේ රට”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල වැඩිකිරීම සහනාධාරයක් ද..?
02:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
03:41
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
04:58
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48