ඔහු සමඟ සතුටින් ගත කළ අතීතය අදටත් ජීවමානයි

රම්‍යා වනිගසේකර. ආදරණීය මවක්, සෙනෙහෙබර මිත්තණියක් ලෙසින් විවිධ කතා මාලාවන් ඔස්සේ ඔබේ හදවතට ආමන්ත්‍රනය කළ ඇය ශ්‍රී ලාංකීය කලා ලෝකයේ තම රංගන හැකියාවෙන් මෙන්ම හඬ පෞරුෂයෙන් නොමැකෙන මතකයක් රැන්දු අග්‍ර ගණයේ කලා ශිල්පිනියකි. සති අන්ත පුවත් පතක් ඇගේ මුලු‍‍තැන්ගෙයි ඉවුම් පිහුම් ගැන රස මුසු වු වෙනස් ම ආකාරයෙ දේවල් ගැන මේ විදිහට කතා කරලා තිබුණා.

“අනේ දුවේ පොඩ්ඩක් ඉන්න” ‍ ”‍මගේ දුව ඇවිත්.”‍ ”‍කෑම ලෑස්ති කරනවා.”‍ ඇගේ ඉල්ලීම නිසාම අපේ කතාබහ ටික වේලාවක් ප්‍රමාද වුවත් ඇය එනතෙක් කෑම සුවඳ විහිදුණු මුළුතැන්ගෙයි අසලට වී වාඩිවී සිටීමට මම කරුණික වූවෙමි.

අද මොනවද ස්පෙෂල් ?
මගේ දුවයි, පුතයි (බෑනයි) හරිම ආසයි මඤ්ඤොක්කා තම්බලා, කොච්චි සම්බෝලයි, බොරේ ට හදන මස් හොද්දකුත් එක්ක කන්න.

මට ඉතිං එයාලා එනවා කිව්වහම එයාලා ආසම කෑම වලින් මේසේ පුරවලා තියනකං ඉස්පාසුවක් නෑ…. චූටි දුවටත් (මිනිබිරි) කන්න වෙනම සැර අඩු කෑමත් හැදුවා.

කවුරු ආවත් කෑම වේලක් දෙනවද ?
අපොයි ඔව්. ආගන්තුක සත්කාර කියන දේවල් අපේ ඇඟේ ලේ, මස්, ඇට, දක්වා ම විසිරුණු දෙයක්. පුංචි කාලේ ඉඳලම අපි දැක්කේ ගෙදරට එන ඕනෑම කෙනෙකුට උපරිම විදියට සංග්‍රහ කරන විදිහ.

ඒ ගුණය ඉතින් අදටත් අපේ ගාව ඒ විදිහටම තියෙනවා…. අදටත් ඉතින් ගෙදරට කෑමට කෙනෙක් එනවා නම්, එයාලා ආසම කෑම වර්ග, කැවිලි වර්ග, අතුරු පස වර්ග හදලා, පිළිගන්වන එක ලොකු සතුටකින් කරනවා.

අත් ගුණය ගැන විශ්වාස කරනවා ද ?
අත්ගුණය කියන්නේ පළපුරුද්ද අනුව එන දෙයක්. හදන ඕනෑම කෑමකට අවේනික පාටක් රසයක් තියෙනවා.

මැල්ලු‍‍මක්, සම්බෝලයක් පවා හදන්න ඕන ඒ පාට ආරක්ෂා වෙන විදියට. මස් මාළුවක් පවා කිරට මිරිසට හදන කොට පාට, රසය පවා වෙනස්. ලූනු ගෙඩියක් අමුමිරිස් කරලක් පවා කපන තැන ඉඳලම අපි හදන කෑම ගැන හිතුවොත් අපි හිතනවට වඩා රසට කෑම වේලක් හදාගන්න පුළුවන්…

උයනකොට රේඩියෝ අහන්න ටී.වී බලන්න පුරුද්දක් තියෙනවාද ?
ටීවි බලන්නේ නම් හරිම අඩුවෙන්. ඒත් මුළුතැන්ගෙයි ඉන්නකොට නම් රේඩියෝ එක අහන එක පුරුද්දක් විදියට කරනවා.

ඒ හැරෙන්න ඉතින් මම කැමති උයන වැඩේට හිත යොමුකරලා සතුටින් කරන්න.

ඉස්සර මහත්තයා ඉන්න කොට කුස්සියෙ වැඩ වලට උදව් කරනවාද ?
සමරකෝන් මහත්තය නම් මුළුතැන්ගෙයි වැඩ දන්නේ නැහැ. නමුත් මම හදන හැම කෑමක්ම මහත්තයා හරිම සතුටින් අගය කර කර තමයි කෑවෙ.

හැමදාම වගේ කෑම කාලා කෑම මේසෙන් නැගිටින්නෙ ”‍ රම්‍යා අද නම් කෑම ටික හරිම රසයි ”‍ කියලා. මහත්තයා හරිම ආසයි ගමේ කෑම වලට. කොස් පොලොස්, පතෝල වැටකොළු, තිබ්බටු වගේ දේවල් හරිම ආසාවෙන් කනවා. ඔහු සමඟ සතුටින් ගත කළ අතීතය අදටත් ජීවමානයි.

ජීවිතයට තනිකමක් දැනෙන්නේ නැද්ද ?
නැහැ. සමරකෝන් මහත්තයා ගතින් විතරයි මගෙ ළඟ නැත්තෙ. හිතින් හැමදාම මගේ ළඟ. අදටත් විශාල පින්තූරයක් ගෙදර ගහලා තියාගෙන ඉන්නේ ඒ ආදරණීය බැඳීම හැමදාමත්ම ජීවමානයි. මිය යන්නේ නැහැ.

වයසට යන බොහෝ දෙනෙක් පාළුව කාන්සිය ගැන කතා කරනවා. නමුත් ඇත්තටම මට එහෙම හිතන්නවත් වෙලාවක් නැහැ… නිවසේ කටයුතු වගේම පොත්පත් කියවන එක, ගස් වැල් වලට සාත්තු කරන එක, සුරතල් සතුන්ට ආදරයෙන් බලන එක නිසා මට තනිකමක් දැනුනේම නැහැ.

ඉස්සර අවුරුදු කාලෙට කැවිලි වර්ග එහෙම හැදුවද ?
අපොයි ඔව්. ඉස්සර මොරටුව සොයිසා පුර ඉන්නකොට හැම අවුරුද්දකටම මුස්ලිම්,බර්ගර්,දෙමළ, සිංහල පවුල් විස්සකට වඩා වැඩි ප්‍රමාණයකට කෑම යවනවා.

යවන සෑම කැවිලි පිඟානක්ම හදන්නේ මගේ අතින්. තරුණ කාලයේ ඉඳලාම අපේ ගෙවල්වල කිලෝ ගණන් කැවිලි වර්ග හදන්න අම්මලාට උදව් වෙච්ච නිසා අපිට කිසිම ගැටළුවක් නැතුව ඕනෑම කැවිලි වර්ගයක් හදන්න පුළුවන් ….

ඔබත් දියණියක් සිටින මවක්. දියණියකට මුළුතැන්ගෙයි සියලු‍‍ දේ ඉගැන්විය යුතුයි කියලා ඔබ විශ්වාස කරනවා ද ?
අනිවාර් යෙන්ම ඉගැන්විය යුතුයි. දුව විවාහ වෙලා යනකම්ම මාත් එක්ක ඉවුං පිහුං වැඩ කලා.

ඇයටත් මට වගේම හරිම ලස්සනට මැහුම් ගෙතුම් වැඩත් හොඳට පුළුවන්. අදටත් මගේ ඇඳුම් මහගන්නේ මම. අද වන විට දියණිය මැහුම් අංශයෙන් ඉදිරියටම ගිහින් ජාත්‍යන්තරයට පවා සම්බන්ධ වුණා.

ව්‍යපාරයක් පවා කරනවා. ඒ සෑම දේකටම මුල් පසුබිම වුණේ මගේ අම්මගෙන් මා ලැබූ ඒ පන්නරය. ඒ නිසා මම පෞද්ගලිකව හිතනව දියණියකට දෙන්න ඕනි වටිනාම දායාදයක් තමයි ඉවුම් පිහුම් ,මැහුම් ගෙතුම් කියන එක …

උයනකොට වැරදිලා එහෙම නැද්ද ?
තියෙනවා…. තියෙනවා …..දවසක් උත්සව කාලෙදි අලු‍‍ව හදන්න ගිහින් එක සැරේටම ගල් වුණා.

ගල්වෙන එක නතර කරන්න පැනි ටික ටික දැම්මා. ඊට පස්සේ අලු‍‍වා එක තවත් ගල් වුණා. පස්සේ ඉතිං පැණි බේරෙන ගල් වෙච්ච අලු‍‍වා එක කන්න විදිහක් නැතුව…. විසි කරන්න වුණා.

අරපිරිමැස්ම ගැන මොකද හිතෙන්නේ?
ගැහැනියකට තිබිය යුතු උතුම්ම ගුණාංගයක් තමයි අරපිරිමැස්ම කියන එක.

මේ තුන් ලෝකෙ කිසිම කෙනෙකුට නැති තරම් අරපිරිමැස්මක් මගේ අම්මා තුළ තිබුණා.

දැන් සමහර කාන්තාවෝ ඇඳන් ඉන්න ඇඳුම ගලවල බිම පිහදාලා විසි කරන තරමට දේවල් නාස්ති කරනවා .

ඉස්සර මට මතකයි ඇඳට දාන බෙඩ් ශීට් එක පවා ඉරෙනකම්ම පාවිච්චි කරා. ඉරිච්ච බෙඩ් ෂීට් එක දෙකට කපලා ඇඟ පිහිදාන්න පාවිච්චි කරනවා. ඇඟ පිහදාන්න බැරි තරමටම රෙද්ද දිරනකොට අත පිහ දාන්න පාවිච්චි කරනවා….

අත පිහදාන්න ගන්න බැරි වෙන කොට ඒ රෙදි කෑලි එකතු කරලා සෝදලා, වේලලා අරන් පාපිස්සක් හදලා කකුල් පිස දාන්න පාවිච්චි කරනවා… ඒ තරම් අරපිරිමැස්මකින් සකසුරුවම් කමින් තමයි එදා අපේ අම්මා වැඩ කළේ….

මොන තරම් දේවල් තිබුණත් නාස්තිය කියන දේනං ගේ ඇතුලෙ තිබුණෙම නැහැ .

තව මොනවද ඔබේ මතකයේ තියෙන්නෙ ඇය අනුගමනය කළ දේවල් ?
ඉස්සර මට මතකයි අපේ අම්මා කැකුළු හාල් වෙනම නාඩු හාල් වෙනම උයන්න කලින් මිට මිට අරන් තියෙනවා…

එකට කියන්නේ මිටි හාල් කියලා. එහෙම අයින් කරන මිටි හාල් මාසයක් විතර ගියාට පස්සේ, ගෙදරට හවරි බඳින්න එන රොඩී කාන්තාවන්ට එහෙමත් නැත්නම් හිඟන මිනිස්සුන්ට නැත්නම් අහිකුන්ඨක මිනිස්සුන්ට පහේ තුනපහ එක්ක ලොකු මල්ලකට දාලා දෙනවා…..

උදෑසන අවදි වෙලා දවස පටන් ගන්න කොහොමද?
උදෑසන අවදි වන්නේ 4:30 ට පමණ. පිරිසිදු කිරීමේ කටයුතු වලින් පස්සෙ රාත්‍රී ඇඳුම් ඉවත් කරල පිරිසිදු ඇඳුමක් ඇඳගෙන තමයි දවස පටන් ගන්නේ….

උදේ අටට කලින් උයලා ඉවර වෙලා බුද්ධ පූජාව තියල වන්දනාව කරන එක තමයි මගේ මූලිකම කාර්යය වෙන්නේ. මම තනියම හිටියත් මම කැමතිම කෑම කටට රහට උයාගෙන කනවා. මගේ තනි නොතනියට ද සුරතලයට හදන බල්ලාටත් මස් මාළු එක්ක විශේෂ වූ කෑම වේලකුත් හදනවා.

ඊට අමතරව මුළුතැන්ගෙයි පේන මානේ තියෙන කුරුලු‍‍ ලෑල්ලටත් කෑම දාලා කුරුල්ලෝ ලේන්නු ඇවිත් කෑම කනවා බලාගෙන සතුටෙන් තමයි මම මුළුතැන්ගෙයි කටයුතු කරන්නේ. ඇත්තටම ජීවිතය කියන්නේ සෑම මොහොතක්ම සතුටින් ගෙවන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන් දෙයක්.

අසුන්තා එදිරිසූරිය



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පති, ආනන්ද විජේපාල ඇතුළු ප්‍රබලයින් රැසක් ජනපති සමඟ විශේෂ හමුවක් - මෙන්න ගත් පියවර
01:16
Video thumbnail
කසළ ප්‍රශ්නයට ආණ්ඩුවෙන් විසඳුම් - ආකල්පයන් පවා වෙනස් කරන්න වෙනවා
03:18
Video thumbnail
නීතිවිරෝධීව ධීවර කටයුතු කරමින් සිටියදී අනතුරට පත්වුණු ධීවර යාත්‍රාව
00:58
Video thumbnail
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයට බස් යොදවා ඇති අයුරු මෙන්න - වෙනදා වෙලාවටම තමයි යන්නේ
05:08
Video thumbnail
ගල් අඟුරු කොමිසමට සාක්ෂි දෙන්න ආ DV චානක හා කුමාර ජයකොඩි
02:24
Video thumbnail
අකිල ගැන UNPයෙන් කට අරියි - හොරු අල්ලන වැඩේ කළේ රනිල්..විහිළු සපයන්න එපා
02:48
Video thumbnail
රනිල් එකතුවී කතා කළ දේ වජිර හෙළිකරයි - අපේ කාලයේ සමථ මණ්ඩල රැස්වුණා
06:52
Video thumbnail
Industry කියලා කෑගැහුවට වැඩක් නෑ..ඒකනේ අපි කොවීඩ් කාලේ හොම්බෙන් ගියේ- භාතියගෙන් සැර කතාවක්
14:43
Video thumbnail
මල්පාරේ සාකච්ඡාවෙන් පසු ‍රංගේ බණ්ඩාර කිව්ව දේ - "දේශපාලනයේ නැත්තම් මෙතෙන්ට එනවයි"
02:20
Video thumbnail
සන්තූෂ් ඇතුළු සෙට් එක බුද්ධිමය දේපළ නිසා පැටලෙයි - අපි හැමදාම ගෙව්වේ පොටෝකොපිවලට විතරනේ
07:32