ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාව සඳහා පිරිනැමෙන “යුරේකා” සම්මානය ශ්‍රී ලාංකිකයෙකුට

ඕස්ට්‍රේලියාව ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට ලෙස විද්‍යාව යොදා ගැනීම වෙනුවෙන් 2023 වසර සඳහා හිමි වන යුරේකා ත්‍යාගය දිනා ගැනීමට මහාචාර්ය කරු එස්සැල්ලේ මහතා සමත් වී තිබෙනවා.

මෙම ‘යුරේකා’ සම්මානය විද්‍යා ක්ෂේත්‍රයේ ‘ඔස්කාර්’ සම්මාන උළෙල ලෙසට ද හැඳින්වෙන්නේ එය විද්‍යා ක්ෂේත්‍රයේ විශිෂ්ටයින් වෙනුවෙන් පිදෙන විශේෂ සම්මානයක් වන බැවින්.

මේ වන විට University of Technology Sydney හි Electromagnetic & Antenna engineering පිළිබඳ කීර්තිමත් මහාචාර්යවරයෙක් ලෙස සේවය කරන ඔහු විදුලි සංදේශ, ආරක්ෂක සහ අභ්‍යවකාශ තාක්‍ෂණයන්හි ලොව ප්‍රමුඛයෙක් ද වනවා.

මෙම සම්මානය විද්‍යාව සඳහා ඔස්ට්‍රේලියාවේ ලබා දෙන උසස්ම සම්මානය ලෙසටයි සැලකෙන්නේ.

පර්යේෂණ, නවෝත්පාදන, නායකත්වය, විද්‍යා කටයුතු සහ පාසල් පද්ධතිය තුළ විද්‍යාව ඇතුළු කාණ්ඩ 18කින් ඇගයීමට ලක් කෙරෙන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම කීර්තිමත් විද්‍යා සහ තාක්ෂණ සම්මාන උළෙල එයයි. එබැවින් එය Oscars of Australian Science ලෙස ද හඳුන්වනු ලබනවා.

මෙම සම්මානනීය පර්යේෂණය වසර 4ක් පුරා සිදු කරන ලද කරන ලද අතර එම පර්යේෂණ ප්‍රතිඵල ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට ඉතා වැදගත් බැවිනුයි කරු එස්සැල්ලේ මහතා මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේ.

සතුරන් සමඟ සටන් වදින විට ඕස්ට්‍රේලියානු හමුදාවට වාසියක් ලබා ගැනීම සඳහා උදව් වන අඩු අවධානයක් යොමු වන පරිදි සහ අවම බලශක්තියක් වැය කරමින් ඇන්ටනා හැසිරවිය හැකි පද්ධතියක් නිර්මාණය කිරීමට සිඩ්නි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සහ මැකෝරි විශ්ව විද්‍යාලයේ මෙටාස්ටියරර්ස් කණ්ඩායම සමත් වී තිබෙනවා.

මෙටාස්ටියරර්ස් කණ්ඩායමට නායකත්වය දෙනු ලබන්නේ මහාචාර්ය කරූ එස්සැල්ල මහතා විසින්.

මෙම අද්විතීය පද්ධතිය සහිත ඇන්ටනාවකට සතුරන්ගේ අවධානයට හසු නොවෙමින් විශාල දත්ත පරිමාවක් සම්ප්‍රේෂණය කිරීමට හෝ සැක සහිත රේඩියෝ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකියාව පැවතීම විශේෂත්වයක්.

2022 වසරේදී මහාචාර්ය කරූ එස්සැල්ලේ මහතාට Australia Space Award සම්මාන උළෙලේදී Academic of the year සම්මානය හිමිව ඇති අතර එම සම්මාන උළෙලේදී සම්මාන ලැබූ සියල්ලන්ගෙන්ම විශිෂ්ටතමයාට පිදෙන “Best of the winners” Excellence award හිමි කර ගත්තේද මහචාර්ය කරූ එස්සෙල්ලේ විසින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48