spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔස්ට්‍රේලියාවට පහසු ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති පළමු 20/20 ජාත්‍යන්තර තරගය කඩුලු 10 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (07) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 128කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 38ක් රැස් කළ අතර පැතුම් නිස්සංක ලකුණු 36ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජොෂ් හෙස්ල්වූඩ් ලකුණු 16ට කඩුලු 4ක් දවාගත් අතර මිචෙල් ස්ටාර්ක් ලකුණු 26ට කඩුලු 3ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 14ක් තුළ කිසිදු ක්‍රීඩකයෙකු නොදැවී ජයග්‍රහණය වාර්තා කළේය.

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 70ක් රැස්කළ අතර නායක ආරොන් ෆින්ච් නොදැවී ලකුණු 61ක් රැස් කළේය.

ffffffffffffffffffffffffff
ffffffffffffff
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?