ඔස්ට්‍රේලියාවට පහසු ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැති පළමු 20/20 ජාත්‍යන්තර තරගය කඩුලු 10 කින් ජයගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (07) සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායක ආරොන් ෆින්ච් පළමුව පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළේය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 128කි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම වෙනුවෙන් චරිත් අසලංක ලකුණු 38ක් රැස් කළ අතර පැතුම් නිස්සංක ලකුණු 36ක් රැස් කළේය.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජොෂ් හෙස්ල්වූඩ් ලකුණු 16ට කඩුලු 4ක් දවාගත් අතර මිචෙල් ස්ටාර්ක් ලකුණු 26ට කඩුලු 3ක් දවාගත්තේය.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවාර 14ක් තුළ කිසිදු ක්‍රීඩකයෙකු නොදැවී ජයග්‍රහණය වාර්තා කළේය.

එහිදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ඩේවිඩ් වෝනර් නොදැවී ලකුණු 70ක් රැස්කළ අතර නායක ආරොන් ෆින්ච් නොදැවී ලකුණු 61ක් රැස් කළේය.

ffffffffffffffffffffffffff
ffffffffffffff
  1. අඩුම ගානේ හසරන්ගයා ගහාපු ටිකවත් මෙන්ඩියා ඇතුලු 3න් දෙනාට ගහාන්න බැරි උනානේ. ඇඩෙනවා මෙන්ඩියා අයින් කරන්න ඕනේ ඉට පස්සේ පුළුවන් මැච් දිනන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42