ඔස්ට්‍රේලියානු යුරේනියම් ඉන්දියාවට ලැබෙන ගිවිසුමට මෝදිගේ අත්සන

ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රය වෙනුවෙන් ඔස්ට්‍රේලියානු යුරේනියම් අපනයනය කිරීම සඳහා වූ සුවිශේෂී නිල ගිවිසුමකට එළඹීමට ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව ඊයේ (09) පියවර ගෙන තිබෙනවා.

මීට අමතරව පුනර්ජනනීය බලශක්තිය, තීරණාත්මක ඛනිජ ද්‍රව්‍ය සහ හරිත හයිඩ්‍රජන් ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට ද දෙරට එකඟ වී ඈති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ.

2047 වසර වන විට ගිගාවොට් 100ක න්‍යෂ්ටික බලශක්ති ධාරිතාවක් ළඟා කර ගැනීමේ ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉන්දියාව දීර්ඝ කාලයක සිට ඔස්ට්‍රේලියාවේ යුරේනියම් සංචිත කෙරෙහි අවධානය යොමු කර සිටි අතර, ඔස්ට්‍රේලියාව සිය ප්‍රධානතම වෙළඳ සහකරු වන චීනය මත පවතින අධික විශ්වාසය අවම කරමින් සිය වෙළඳපොළ විවිධාංගීකරණය කිරීමට මෙමඟින් බලාපොරොත්තු වනවා.

මෙල්බර්න් හිදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ පැවැති සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය ඇමතූ ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කළේ, “ඔස්ට්‍රේලියාව සහ ඉන්දියාව සමීප සහකරුවන් මෙන්ම ඊටත් වඩා ළඟම මිතුරන්” බවයි.

මෙම නව එකඟතාව හරහා ඔස්ට්‍රේලියානු සම්පත් ක්ෂේත්‍රයට අතිරේක වෙළඳපොළක් නිර්මාණය වන බව ද ඔහු පැවසුවා.

කෙසේ වෙතත්, අපනයනය කෙරෙන යුරේනියම් ප්‍රමාණය, එහි වටිනාකම හෝ කාලසීමාව පිළිබඳ නිශ්චිත තොරතුරු මෙතෙක් ප්‍රකාශයට පත්කර නැහැ.

දෙරට අතර 2014 වසරේදී න්‍යෂ්ටික සහයෝගීතාව පිළිබඳ ගිවිසුමකට එළඹ තිබුණ ද, එම යුරේනියම් ඉන්දියාවේ න්‍යෂ්ටික අවි වැඩසටහන සඳහා යොදාගනු ඇතැයි පැවැති කනස්සල්ල හේතුවෙන් මෙතෙක් අපනයන කටයුතු සීමා වී තිබුණා.

නමුත් මෙම නව ගිවිසුම මඟින් එම න්‍යෂ්ටික ඉන්ධන බලශක්ති උත්පාදනය වැනි සාමකාමී අරමුණු සඳහා පමණක් භාවිත කරන බවට සහතික කර තිබෙනවා.

ඉන්දියාවේ බලශක්ති සංක්‍රමණය වේගවත් කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ තාක්ෂණය, ප්‍රාග්ධනය සහ සම්පත් උපකාරී වන බව පැවසූ අගමැති මෝදි, ඉන්දියාවේ මාර්ග, වරාය, දුම්රිය සහ නාගරික යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා දිගුකාලීනව ආයෝජනය කරන ලෙස ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික ප්‍රජාවගෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව, ඔස්ට්‍රේලියාවේ විශාලතම විශ්‍රාම වැටුප් අරමුදල වන “AustralianSuper” ආයතනය, ඉන්දියාවේ ජාතික ආයෝජන සහ යටිතල පහසුකම් අරමුදල වෙත තවත් ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 500ක (ඇමරිකානු ඩොලර් මිලියන 347ක්) ආයෝජනයක් සිදුකරන බව ඊයේ (09) ප්‍රකාශ කළා.

ව්‍යාපාරික හමුවෙන් පසු අගමැති ඇල්බනීස්, ඉන්දීය නායකයා දෙරට අතර පවතින “ජීවමාන පාලමක් ලෙස හඳුන්වා දුන් අතර, මෝදිගේ දැක්ම ඔස්ට්‍රේලියාවේ ආර්ථික ගමනාගමන මාර්ග සිතියම නැවත සකස් කිරීමට උදව් වූ බව පැවසුවා.

චීනය, ජපානය, ඇමරිකාව සහ දකුණු කොරියාවට පසුව ඔස්ට්‍රේලියාවේ පස්වැනි විශාලතම වෙළඳ සහකරු ඉන්දියාව වන අතර, මිලියන 28ක් වන ඔස්ට්‍රේලියානු ජනගහනයෙන් මිලියන 1ක් පමණ ඉන්දීය සම්භවයක් සහිත පුද්ගලයෝ යි.

බ්‍රහස්පතින්දා සන්ධ්‍යාවේ මෙල්බර්න් හි ගෘහස්ථ ක්‍රීඩාංගණයකදී අගමැති මෝදි 30,000කට අධික ඉන්දීය ඩයස්පෝරාව ඇමතූ අතර, ඒ වෙනුවෙන් ක්‍රීඩාංගණයෙන් පිටත දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණා.

අගමැතිවරයා ලෙස ඔස්ට්‍රේලියාවේ සිදුකරන මෙම තෙවැනි සංචාරය “හැට්‍රික්” (Hat-trick) එකක් ලෙස හඳුන්වා දුන් මෝදි, මෙය දෙරටේ සබඳතාවල ඉහළම තත්ත්වය පෙන්නුම් කරන්නක් බව පැවසුවා.

අගමැති නරේන්ද්‍ර මෝදි සිය සංචාරය නිමා කරමින් අද (10) පස්වරුවේ නවසීලන්තය බලා පිටත්ව යාමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16