ඔස්ට්‍රෙලියා – ශ්‍රී ලංකා ටෙස්ට් සටනේ දෙවැනි දිනය අදයි

වෝර්න් – මුරලි ටෙස්ට් කුසලානයේ අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (07) යි.

ඊයේ (06) ආරම්භ වූ දෙරට අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමු ව පිතිකරණය තෝරා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අවසන් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයට එක් වෙමින් දිමුත් කරුණාරත්න; පැතුම් නිස්සංක සමගින් සිය ඉනිම ආරම්භ කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 11ක් ලබා සිටි පැතුම් නිස්සංක දැවී ගිය අතර දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේ දිමුත් කරුණාරත්න යි.

දිමුත් ලකුණු 36ක් ලබා සිටියදී නෙතන් ලියෝන්ගේ සුපිරි දඟ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියා.

ඇන්ජිලෝ මැතිව්ස් යළිත් පිතිකරණයෙන් දුර්වල වෙමින් රැස් කළේ එක් ලකුණක් පමණයි.

නායක ධනංජය ද සිල්වා ආ විගස හැරී ගියේ ලකුණු කිසිවක් රැස් කරගැනීමට නොහැකිවයි.

කමිඳු මෙන්ඩිස් 13යි.

අසීරු අඩියක සිටි ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රමයෙන් ලකුණු 200 සීමාවට රැගෙන එන්නට දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස්ට හැකි වුණා.

චන්දි ලකුණු 74ක් ලබා සිටියදී දැවී ගියේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින්.

රමේෂ් මෙන්ඩිස් ලකුණු 28යි.

ඊයෙ දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 09ක් දැවී ලකුණු 229ක් ලබා සිටියා.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 59ක් ලබා සිටින අතර ළහිරු කුමාර අවසන් කඩුල්ලේ රැඳී සිටිනවා.

කඩුලු බිඳ දැමීමේ දී නෙතන් ලියෝන් සහ මිචෙල් ස්ටාක් කඩුලු 03 බැගින් සහ කුහ්නමන් කඩුලු 02ක් ද හෙඩ් එක් කඩුල්ලක් ද බිඳ දැමුවා.