ඔස්ට්‍රෙලියාව පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලකුණු 474යි – ස්මිත්ගෙන් හැඩැති ශතකයක්

බෝඩර් ගවස්කාර් ටෙස්ට් කුසලානයේ සිව්වැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අද (27) දිනයයි.

ඊයේ (26) තරගය මෙල්බර්න් නුවර දී ‘ බොක්සිං දින ටෙස්ට් තරගයක්’ (නත්තල් දිනට පසුව ඇරඹෙන ඕනෑම ටෙස්ට් තරගයක් මෙනමින් හැඳින්වෙයි) ලෙසට ආරම්භ කෙරුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ නායක පැට් කමින්ස් පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව ඔස්ට්‍රෙලියා කණ්ඩායම සිය පළමු ඉනිමට සියල්ලන් ම දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 474ක්.

ඔස්ට්‍රෙලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනූ සිව්වැනි ළාබාලතම ක්‍රීඩකයා වූ සෑම් කොන්ස්ටන්ස් අනර්ඝ අර්ධ ශතකයක් ද ලබාගත්තේ පන්දු 65ක දී ලකුණු 60ක් බවට සටහන් කරගනිමින්.

ස්ටීවන් ස්මිත් 33 වැනි ටෙස්ට් ශතකය ලබාගත්තේ ලකුණු 140ක් රැස් කරමින්.

මාර්නස් ලබුශේන්ග් සහ උස්මන් කවජා ටෙස්ට් අර්ධ ශතක ලබා ගත්තා.

පැට් කමින්ස් ලකුණු 49යි.

මෙවර ඉන්දියාවට එරෙහිව කවදත් සාර්ථක වූ ට්‍රවිස් හෙඩ් හට සුබ වූයේ නැහැ.

ඔහු කිසිදු ලකුණක් නොලබා ම පිටියෙන් ඉවත් කිරීමට බුම්‍රා සමත් වුණා.

කඩුලු බිඳ දැමීමේ දී ජස්ප්‍රිට් බුම්‍රා කඩුලු 04ක්, ජඩේජා කඩුලු 03ක් සහ අකාෂ් ඩීප් කඩුලු 02ක් බිඳ හෙලුවා.

වොෂින්ටර් සුන්දර් එක් කඩුල්ලයි.

මේ වනවිට ඉන්දීය පිල කිසිවෙකු නොදැවී ලකුණු 03ක් ලබා සිටිනවා.

යශස්වි ජයිස්වාල් සමගින් නායක ශර්මා පිටියෙහි රැඳී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42