ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම අද දිවයිනට

සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අද (24) දින දිවයිනට පැමිණීමට නියමිත ව තිබෙනවා.

ඒ සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් සහ එක්දින තරගාවලියක් සඳහා එක් වීමටයි.

දෙරට අතර පළමුවෙන් ම තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය පැවැත්වෙන අතර එය 2025 ටෙස්ට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට පිවිසෙන සාමාජිකයා තීරණය කිරීමට බෙහෙවින් බලපානු ඇති.

දෙරට අතර පළමු ටෙස්ට් තරගය එළඹෙන 29 වැනි දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර තරගය පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි.

දෙවැනි ටෙස්ට් තරගය පෙබරවාරි මස 06 වැනි දා එම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වෙනවා.

ඉන් පසුව ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රෙලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියක් ද පැවැත්වෙන අතර එහි තරග දෙකම පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදියි.

එම තරග දෙක පිළිවෙළින් පෙබරවාරි 12 සහ 14 යන දෙදින පැවැත්වෙනවා.

ඔස්ට්‍රෙලියා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය ස්ටීවන් ස්මිත් විසින් දරනු ලබන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙහෙයවීම ධනංජය ද සිල්වා විසින් සිදු කරනු ලබනවා.

මේ වනවිට ඔස්ට්‍රෙලියානු ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටින්නේ ඩුබායි රාජ්‍යයේයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42