ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් ශූරතාවලියේත් හෙල්ල විසි කිරීමේ ප්‍රථම ස්ථානය රුමේෂ්ට

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ නම ඉදිරියේ තවත් ජාත්‍යන්තර ජයග්‍රහණයක් ඊයේ (16) දිනයේ දී ලියවුණා.

ඒ, චෙක් ජනරජයේ පැවැති ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්පයික් මලල ක්‍රීඩා ශූරතාවලියේදී යි.

මෙම තරගාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ මීටර් 86.57ක දුරක් වාර්තා කරමින් එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට රුමේෂ් තරංග සමත් වුණා.

රුමේෂ් තරංග, පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල 03 වන ස්ථානයේ රැඳී සිටිනවා.