ඔලිම්පික් ශූරයා පරදා අංක එක වූ රුමේෂ් තරංග දිවයිනට

කෙන්යාවේ පැවති ලෝක මහාද්වීපික රන් තරගාවලියට, විශේෂ ආරාධනාවක් මත, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග, මීටර් 89.28 ක නව තරගාවලි වාර්තාවක් තබමින්, ඔලිම්පික් ශූර තෝමස් රෝලර් සහ ලෝක ශූර ජූලියස් යේගෝ පරාජය කරමින් රන් පදක්කම දිනා ගෙන අද (25) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය සදහා ලෝක ශ්‍රේණිගත කිරීම් වල ප්‍රමුඛස්ථානයේ පසුවන හෙල්ල විසි කිරීමේ ශූරයින් සදහා ආරාධනා කර තිබු අතර, එය පසුගිය 24 වන දින කෙන්යාවේ නයිරෝබි නුවර පවත්වා තිබුණා.

ඒ අනුව රුමේෂ් තරංග 2026 වසරේ හෙල්ල විසි කිරීමේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණ තිබෙනවා.

මෙම ජයග්‍රහණය රැගත් රුමේෂ් තරංග 04/25 දින පස්වරු 04.10 ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීම සදහා ඔහුගේ පවුලේ සාමාජිකයන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ උසස් නිලධාරීන් පිරිසක් ද ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

රුමේෂ් තරංග එළඹෙන ජූලි මස ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය තරගාවලියට, ලබන සැප්තැම්බර් මස පැවැත්වෙන ආසියානූ තරගාවලියට මෙන්ම ස්විට්සර්ලන්තයේ, රෝමයේ සහ ජපානයේ පැවැත්වීමට නියමිත තවත් දියමන්ති සහ රන් තරගාවලි ත්‍රිත්වයකට ද සහභාගී වීමට නියමිතයි.

මීට අමතරව 2027 වසරේ චීනයේ පැවැත්වීමට නියමිත ලෝක ශූරතා තරගාවලියට සහ ඇමෙරිකාවේ ලොස් ඇංජලීස් නුවර පැවැත්වීමට නියමිත 2028 වසරේ ඔලිම්පික් තරගාවලිය ද සහභාගී වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
28
+1
1
+1
5
+1
4
+1
1
+1
2
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා වෙන්න යන දේ මෙන්න - ජල විදුලි නිෂ්පාදනය ඉදිරියේදී ඉතාම අඩුවෙනවා ?
02:36
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
00:57
Video thumbnail
පොලිසියට වෙ# තැබූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා සොයා විශේෂ මෙහෙයුම්
01:20
Video thumbnail
3 වසර ළමයා කළ හිතාගන්නවත් බැරි වැඩේ ?
01:46
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ්
01:25
Video thumbnail
කෙහෙළිය රඹුක්වැල්ල උසාවියට ඇවිත් රිවස් ග#හපු හැටි
00:32
Video thumbnail
දඹුල්ල නගරය මැද කාන්තාවක් උපන් ඇඳුමෙන් කළ කැත වැඩේ
00:52
Video thumbnail
ඩෙල්ෆ්, අනලතිව් සහ නයනතිව් දූපත් හරිත බලශක්ති දූපත් කිරීමට ජනපතිගෙන් උපදෙස්
01:48
Video thumbnail
අශ්වයෝ පිටේ ගැම්මට ගිහින් මාලිමාවේ ඇමතිලා දාපු සෙල්ලම්
00:08
Video thumbnail
යුද්දය එක්ක සංචාරක කර්මාන්තයට මොනවා වෙයිද ? ගුවන්යානා දෙදහක් අවලංගු වෙලා
01:40