ඔලිම්පික් උළෙලට සහභාගීව සිටි ඊජිප්තු මල්ලවපොර ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

පැරිස් ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට මේ වනවිට ප්‍රබල ඇමරිකා එක්සත් ජනපදය සමත්ව සිටිනවා.

ඔවුන් මේ දක්වා රන් පදක්කම් 33ක් රිදී පදක්කම් 39ක් සහ ලෝකඩ පදක්කම් ද 39ක් දිනාගෙන සමස්ත පදක්කම් 111ක් හිම්කරගෙන තිබෙනවා.

චීනය පදක්කම් සටහනේ දෙවන තැන පසුවන්නේ සමස්ත පදක්කම් 83ක් හිමිකර ගනිමින්.

ඔවුන් රන් පදක්කම් 33ක් රිදී පදක්කම් 27ක් සහ ලෝකඩ පදක්කම් ද 23ක් දිනා ගැනීමට මේ වනවිට සමත්ව සිටිනවා.

මෙවර ඔලිම්පික් උළෙලේ පදක්කම් සටහනේ තුන්වන ස්ථානයේ ඕස්ට්‍රේලියාව පසුවන්නේ පදක්කම් හතලිස් අටක් දිනා ගෙනයි.

මේ අතර පැරිස් ඔලිම්පික් උළෙට සහභාගී සිටි ඊජිප්තු මල්ලවපොර ක්‍රීඩක මොහොමඩ් කේෂෝ ඊබ්‍රහිම් ලිංගික අතවරයක් සම්බන්ධයෙන් පැරීසියේ දී අත්අඩංගුවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පැරිස් ආරක්ෂක අංශ සඳහන් කළේ ඊයේ අලුයම් කාලයේ මෙම මල්ලවපොර ක්‍රීඩකයා අත්අඩංගුවට ගත් බවයි.

ආපනශාලාවක සිටි කාන්තාවකගේ තට්ටම් ප්‍රදේශය ස්පර්ශ කිරීමේ චෝදනාව මත ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර ඊජිප්තු ඔලිම්පික් කමිටුව විසින් මෙම මල්ලවපොර ක්‍රීඩකයාට එරෙහිව විමර්ශනය පවත්වන බවයි පැවසුවේ.

ඒ, අනුව බොහෝදුරට ඔහුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පනවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර පැරිස් ඔලිම්පික් උළෙලට සහභාගිවීමට ගොස් සිටි පැරගුවේ රාජ්‍යයේ පිහිනුම් ක්‍රීඩිකාවක් වන 20 හැවිරිදි ලුආනා ඇලන්සෝ ඔලිම්පික් ගම්මානයෙන් නෙරපීමට කටයුතු කර තිබෙනවා.

ඇයගේ නොහොඹිනා හැසිරීම හේතුවෙන් මෙලෙස ඇයව ඔලිම්පික් ගම්මානයෙන් නෙරපීමට ඔලිම්පික් බලධාරීන් කටයුතු කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මේ අතර ඔලිම්පික් උළෙලේ දැඩි කතා බහට ලක් වූ බොක්සිං ක්‍රීඩිකාවක් වන ඇල්ජීරියානු බොක්සිං ක්‍රීඩිකා ඉමානේ කෙලිෆ් ඔලිම්පික් කාන්තා බොක්සිං රන් පදක්කම දිනාගැනීමට සමත් වුණා.

ඇයගේ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව ම,මෙලෙස දැඩි කතා බහක් මතු වුණේ ඉතාලි ක්‍රීඩිකා ඇන්ජෙලා කරිනි සමඟ පැවති මූලික වටයේ තරගයන් පසුවයි.

චීන ලෝක ශූර, යැං ලියු පරාජය කරමින් ඉමානේ කෙලිෆ්, පැරිස් ඔලිම්පික් උළෙලේ කාන්තා බොක්සිං වෙල්ටර්වේට් අංශයේ
රන් පදක්කම මෙලෙස දිනා ගත්තා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17
Video thumbnail
මහ වැස්සේ තෙමී තෙමි අපේ ජනතාව උද්ඝෝෂණයට ආවේ - ආණ්ඩුවට මේක ඉවසගන්න බැරිවුණා
07:06
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අගමැතිතුමිය ඔයා පෙනය පුප්පන්න..හොරකම් කරන්න අයිතියක් නෑ
05:18
Video thumbnail
මේක ආණ්ඩුව ගන්න අවසාන සංශෝධනය ? වැරදි තැනට අත තිබ්බේ - වන්දි ගෙවන්න වෙනවා
03:06
Video thumbnail
දැන් ගෙදර ඉන්න බල්ලටත් කෙ#වෙලා - JBL එක දාලා සිංදුවක් අහන්න බෑනේ..මළකෙළියයි
02:27
Video thumbnail
රෝහිත ආණ්ඩුවට දෙයි හොඳම පදෙන් - පරාජය එනකොට බුරුතු පිටින් යන්නේ
09:49
Video thumbnail
22ට විරුද්ධ වුණ නීතිඥයින් හැමෝම සජබයෙද ?ඔයාලා ඔච්චර කළබල වෙන්න එපා
09:11