ඔරුගොඩවත්ත සම්බුද්ධාලෝක විහාරයේ වෙසක් තොරනේ කප් සිටුවීමේ මංගල්‍යය ඇරඹෙයි

ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ වෙසක් තොරන් කමිටුව මගින් ඉදිරිපත් කරනු ලබන වෙසක් තොරණ සඳහා අද (20) දින උදෑසන සුබ නැකැතින් කප් සිටුවීමේ මංගල්‍යය සිදු කෙරුණා.

මෙම අවස්තාවට ඔරුගොඩවත්ත ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ විහාරාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය හල්මිල්ලකුලමේ සුජාතඥාන ස්වාමීන් වහන්සේ වැඩම කර සිටියා.

ඊට අමතරව මෙම වෙසක් තොරණ සංවිධානය කමිටුවේ උප සභාපති නිශාන්ත වෙල්ගමගෙ, ලේකම් සසංක ෆොන්සේකා, භාණ්ඩාගාරික බන්දුසේන නානායක්කාර ඇතුළු පිරිසක් ද එක් ව සිටි බවයි වාර්තා වන්නේ.