ඔමික්‍රෝන් හැදුණු අයෙක් දවස් 2ක් නයිට් ක්ලබ්වල කරක් ගහලා

මෙරටින් වාර්තා වූ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් තිදෙනා සම්බන්ධයෙන් මේ දක්වා තමන් වෙත කිසිදු තොරතුරක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පවසයි.

ඔහු සඳහන් කළේ එලෙස වාර්තා වූ එක් ආසාදිතයෙකු ඉන්දියාවේ සිට පැමිණි අයෙකු බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

එමෙන්ම එම ආසාදිතයා මෙරට දින දෙකක් කාලය ගත කර ඇති බවත්, ඔහු සමාජ ශාලාවල සැරිසරා ඇති බවට ද නිල නොලත් තොරතුරු වාර්තා වන බවයි සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ,

” ඊයේ දිනයේදී ඔමික්‍රෝන් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගෙන ඇති බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණා. නමුත් මේ දක්වා අපිට වසංගත රෝග විද්‍යා අංශයෙන් හෝ කිසිදු රසායානාගාරයක් මගින් නිල දැනුම් දීමක් සිදුකර නැහැ.

නිල නොවන තොරතුරු අනුව මේ තිදෙනාගෙන් එක් අයෙක් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි අයෙකු බවයි වාර්තා වන්නේ. ඔහු ඉකුත් 09 වෙනිදා මෙරටට පැමිණ ඇත්තේ, ඒ වාගේම ඔහු එන්නත් දෙකම ලබා ගත් අයෙක්. ඒ වගේම ඔහු දිවයිනට පැමිණීමට පැය 72කට පෙර ගත් PCR වාර්තාවක් මගින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු කර තිබෙනවා. 

ඒ පුද්ගලයා දින දෙකක් මෙරට සමාජ ශාලාවල සැරිසර තිබෙන බවට යම් යම් නිල නොවන තොරතුරු වාර්තා වෙනවා. මෙම පුද්ගලයා නැවත දිවයිනෙන් පිටව යන්න හදනවිටයි ඔහු කොවිඩ් ආසාදිතයෙකු කියා හඳුනා ගෙන තිබෙන්නේ.

මේකත් එක්ක අපිට අවධාරණය වෙන්නේ රට තුලට පැමිණෙන විදේශිකයින් PCR පරීක්ෂණ වලට ලක්කිරීම සහ ඔවුන් නිරෝධායනයට ලක් කිරීමට අවශ්‍ය වන බවයි. අපි බලාපොරොත්තු වෙනවා දැන්වත් බලධාරීන් ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරයි කියලා මේ ගැන.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
02:30:31
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:03:31
Video thumbnail
ත්‍රස්තවාදය පරාජය කිරීම නිසා ජේෂ්ඨ නිලධාරින්ට බටහිර රටවලට යන්න බෑ..මම විතරයි මිදිලා ඉන්නේ
03:05
Video thumbnail
රට බෙදන්න එන ඕනම කෙනෙක් අපි විනාශ කරනවා..හිටපු හමුදාපතිගෙන් දැඩි ප්‍රකාශයක්
04:00
Video thumbnail
"ප්‍රභා මගේ දෙයියෝ" කියන අයට නීතිය ක්‍රියාත්මක කරලා දඬුවම් දෙන්න..ඒකාලේ මේවට හිස ඔසවන්න දුන්නේ නෑ
03:35
Video thumbnail
"යුද්ධය කළේ අපෙන් අහලද ?" - ගෞරවයක් නැති මිනිස්සු ඉදලා හිටලා ලොකු තැන්වලට එනවා
04:50
Video thumbnail
හිටපු යුද හමුදාපති පළමු වරට මාධ්‍යයට කළ හෙළිදරව්ව..කොටි 12ස් වතාවක් නැවත නැගිටින්න හැදුවා
03:14
Video thumbnail
රණවිරුවාද? සෙබලාද ? - පෞර්ෂත්වයක් නැති අය දේශපාලන නායකයන් වීම ගැන කණගාටුයි
04:29
Video thumbnail
Praharaya| හිටපු යුද හමුදාපති ජෙනරාල් දයා රත්නායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
01:05:40
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන හිටපු යුද හමුදාපති කට අරියි - ජෙනරල් සලේවත් ඇතුළට දාලා හේතුවක් නැතුව
02:51