කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදය වන ඔමික්‍රෝන් මේ වන විට රටවල් රැසකින් හදුනාගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
එම ප්‍රභේදය මේ වන විට රටවල් 77කින් හදුනාගෙන ඇති බව එම සංවිධානය සදහන් කරයි.
නව ප්‍රභේදය ආසාදනය වූවන් බරපතල රෝග තත්ත්වයන් පෙන්නුම් නොකළ ද එය ව්‍යාප්තවීම දැඩි ලෙස සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.
එමෙන්ම ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය සම්බන්ධයෙන් අවතක්සේරුවකින් ක්‍රියා නොකළ යුතු බවද එම සංවිධානය පෙන්වා දෙයි.
එන්නත්කරණය අඩු වශයෙන් සිදුවන රටවන ඔමික්‍රෝන් ප්‍රභේදය පැතිරයාමේ වැඩිවීමක් දක්නට ඇති බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1













