ඔමික්‍රෝන් මේ වෙනකොටත් ලංකාවේ පැතිරිලා ද ?

ඇතැම්විට ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදය මේ වන විටත් ලංකාව තුළ පැතිර ගොස් තිබිය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

එම කොවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණිම සියයට සියයක් සම්පූර්ණයෙන් නවතාලිය නොහැකි බව ද වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරයි.

ඔහු පවසන්නේ මීට පෙර ලෝකයේ ව්‍යාප්ත වු කොවිඩ් වෛරස ප්‍රභේද ද ලංකාවට පැමිණිම වළක්වා ගැනීමට නොහැකි වු බවය.

එමෙන්ම ඔමික්‍රෝන් ප්‍රභේදය මෙරටට පැමිණිය හොත් එය ව්‍යාප්තවීම පාලනය කර ගැනිම සඳහා විවිධ ක්‍රම අනුගමනය කිරීමට සිදුවනු ඇති බව ද වෛද්‍යවරයා මෙහිදී පැවසීය.

“මේ ප්‍රභේදය එන්නේ ලේබල් කරගෙන කොඩි ගහගෙන නෙමෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නෙත් අපිට ප්‍රායෝගිකව රටවල්වලට භාවිත කළ හැකි එක ක්‍රමයක් තමා රට සම්පූර්ණයෙන් ම පිටස්තර පුද්ගලයින්ට වසා තබන එක. නමුත් අපි දන්නේ නෑ මේ වෙනකොටත් ඒ ප්‍රභේදය ලංකාවට ඇවිල්ලා අපිට තාම හොයා ගන්න බැරි වුණා ද කියලා. කිසිම රටකින් කිසිම පුද්ගලයෙකු එන්න බැරි වෙන්න අපි මේකට රැකවල් දැම්මත් මේක සමහරවිට මේ වෙනකොටත් ලංකාවේ පැතිරිලා තියෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම අපි දන්නවා එවැනි සීමාවන් කිරීම කොහොත්ම ප්‍රායෝගික නෑ. ගුවන් තොටුපොළින් පැමිණෙන සියලුම මගීන්ව ජාන විශ්ලේෂණය කළොත් පමණයි අපිට මේ ප්‍රභේදය සමග පැමිණෙන අය ඒ මොහොතේ පැමිණෙන අය හඳුනාගන්න පුළුවන් වෙන්නේ. මේක ඉතාම වියදම් අධික, කාලය ගතවන ඒ වගේම අපහසුවෙන් කරන්න සිදුවෙන පරීක්ෂණයක්. ඒ නිසාම අපි කරන්නේ. ගුවන් තොටුපොළින් පැමිණෙන අයගේ සැකකටයුතු සහ අධි අවදානම් කණ්ඩායම්, ඒ කියන්නේ එන්නත්කරණය කරලා නැති වෙනත් අවදානමක් තියෙන පුද්ගලයින් හඳුනාගත්තොත් ඒ අයගේ සාම්පල් යම් ආකාරයකට ජාන විශ්ලේෂණය සඳහා තෝරා ගැනීමට අවශ්‍ය ස්ථාන වෙත යොමුකරනවා. ඒ හැරුණම පොදුවේ ගතයුතු සියලු ක්‍රියාමාර්ග ගුවන් තොටුපොළේ අරන් තියෙනවා. කොවිඩ් -19 රෝගීන් ලංකාවට පැමිණීම වළක්වන්නට. ගුවන් තොටුපොළ හරහා පැමිණීමට තියෙන ඉඩ සියයට සියයක් නැති කරන්න බැහැ. ඒ නිසා තමයි මීට කලින් ප්‍රභේදත් ලංකාවට ආවේ.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තලපති විජේට, ජනපති අනුර සුභ පතයි
00:59
Video thumbnail
පෑලියගොඩ මැනිං මාකට් එක රත්කළ හදිසි ගින්න
00:45
Video thumbnail
චොක්ලට් කවරය තුළ සඟවා රැගෙන ආ හෂීෂ් ගුවන්තොටේ දී කොටුවෙයි
02:07
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25