ඔමික්‍රෝන් ප්‍රභේදය ගැන හොංකොං වෛද්‍ය පර්යේෂකයින්ට හෙළිවූ දේ

ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පිරිස් ඇතුළු හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් විසින් සිදුකරන ලද අධ්‍යයනයක් මගින් ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මිනිසාට ආසාදනය වීමේ හැකියාව ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව 70 ගුණයකින් වේගවත් බව අනාවරණය වී තිබෙනවා.

නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව සිදුකළ පළමු පර්යේෂණයේ තොරතුරු එළිදක්වමින් විද්‍යාඥයින් මේ බව සඳහන් කර සිටියා.

පර්යේෂකයින් සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මිනිස් සිරුරේ පෙනහළු කරා වාතය රැගෙන යන ශ්වසන මාර්ගය තුලදී වේගයෙන් ආසාදනය වී එය වේගයෙන් සම්ප්‍රේෂණය බවයි.

මේ හේතුවෙන් වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් පැවති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් වීමට හේතුවී ඇති බවයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් සඳහන් කරන්නේ.

කෙසේ වුවත් ඔමික්‍රෝන් ප්‍රභේදය මිට පෙර වාර්තා වූ ප්‍රභේදයන්ට සාපේක්ෂව ආසාදිතයින්ගේ පෙනහළු වලට එල්ල කරනු ලබන බලපෑම අවම වීම හේතුවෙන් රෝගීන්ට ඇතිවන රෝග තත්ත්වයන් එතරම් බරපතල නොවන බවයි පළමු අවස්ථාවේදී සිදුකළ පර්යේෂණයෙන් කරුණු අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14