ඔමික්‍රෝන් පරදවන නව කොවිඩ් ප්‍රභේදයක් හමුවෙයි

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ ඇති ජාන විකෘතිතාවයන් අභිබවා යන නව කොවිඩ් ප්‍රභේදයක් ප්‍රංශයෙන් හදුනා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

IHU නමින් හදුන්වන මෙම නව කොවිඩ් ප්‍රභේදයේ ජාන විකෘතිතාවයන් 46 කින් සමන්විත වන බවයි ප්‍රංශ විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඔවුන් අප්‍රිකානු කලාපයක් වන කැමරූන් හි සංචාරය කොට පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වන්නේ.

මෙම නව කොවිඩ් ප්‍රභේදය ලෝකයේ වෙනත් කිසිදු රටකින් වාර්තා වී නොමැති බවයි වෛද්‍ය විශේෂඥයින් පවසන්නේ.

මේ අතර ගෝලීයව ව්‍යාප්ත වෙමින් පවතින ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් ඉදිරියේදී භයානක කොවිඩ් ප්‍රභේදයන් ඇතිවීමේ අවධානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18