spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔමික්‍රෝන් ගැන සිදුකළ පළමු පර්යේෂණයේ හෙලි වු දේ

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මිනිසාට ආසාදනය වීමේ හැකියාව ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව 70 ගුණයකින් වේගවත් බව අනාවරණය වී තිබෙනවා.

හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් විසින් නව කොවිඩ් ප්‍රභේදය පිළිබඳව සිදුකළ පළමු පර්යේෂණයේ තොරතුරු එළිදක්වමින් විද්‍යාඥයින් මේ බව සඳහන් කර සිටියා.

ඩෙල්ටා ප්‍රභේදයට සාපේක්ෂව ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය මිනිස් සිරුරේ පෙනහළු කරා වාතය රැගෙන යන ශ්වසන මාර්ගය තුළ දී වේගයෙන් ආසාදනය වී එය ගුණනය වන බවයි පර්යේෂකයින් සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් වැඩි සම්ප්‍රේෂණ හැකියාවක් පැවති ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව, ඔමික්‍රෝන් ප්‍රභේදයේ වේගවත් වීමට හේතු වී ඇති බවයි හොංකොං විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පර්යේෂකයන් සඳහන් කරන්නේ.

මෙම පර්යේෂක කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් මහාචාර්ය Michael Chan Chi-wai කටයුතු කර ඇති අතර ශ්‍රී ලාංකික මහාචාර්ය මලික් පිරිස් මහතා ද ඊට ඇතුලත්ව සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?