ඔමික්‍රෝන් ආශ්‍රිතයින් ට සෞඛ්‍ය අංශවලින් බරපතළ චෝදනාවක්

බේරුවල ප්‍රදේශයෙන් හඳුනාගත් ඔමික්‍රෝන් ආසාදිතයාගේ ආශ්‍රිතයින් PCR පරීක්ෂණ සඳහා යොමුවීමට මැලිකමක් දක්වන බවට සෞඛ්‍ය අංශ චෝදනා කරයි.

අද (05) පැවැති මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ, වගකීම් විරහිත ක්‍රියාවලින් රට තුළ පවතින තත්ත්වය තවත් ඉහළ යා හැකි බවය.

ප්‍රශ්නය – ලෝකයේ දෛනික ආසාදිත වාර්තාව ලක්ෂ 10 සීමාව වැඩිම වාර්තා වෙනවා නම්, ලංකාවේ අඩුවෙන් වාර්තාවෙන්නේ PCR හා රැපිඩ් පරීක්ෂණ අඩුවෙන් කිරීම නිසා නේද ?  

“නැහැ. අපි අහඹු පරීක්ෂණ සඳහා වෙන්කරපු ප්‍රමාණය ඒ ආකාරයෙන්ම කරගෙන යනවා. කුමන ආකාරයෙන්වත් අඩුකිරීමක් සිද්ධකරලා නැහැ. දැන් ඔමික්‍රෝන් ලංකාවේ තිබෙනවා. මේක පැතිරෙන්නට පුළුවන්. පැතිරුනොත් භයානක ලෙස රෝගීන් සංඛ්‍යාවක් ඔය ඇමෙරිකාවේ, ඉන්දියාවේ වගේ ප්‍රමාණයට එන්න පුළුවන්.” 

ප්‍රශ්නය – බේරුවල චීනකොටුව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙක් ඔමික්‍රෝන් ආසාදිතයෙක් බව වාර්තා වුණා. නමුත් ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයින් PCR පරීක්ෂාවට ලක්කිරීමට උත්සාහ කළද කයුරුත් ඊට ඉදිරිපත්වෙන්නේ නැහැ.

“ඒ වගකීම් විරහිත ක්‍රියාවලියන්වලින් තමයි මේ තත්ත්වය මේ ආකාරයට වැඩිවන්නට පුළුවන් වෙන්නේ.”

ප්‍රශ්නය – පසුගිය දා බේරුවල මැණික් වෙළෙඳපොළේ ෆයිසර් එන්නත් ලබාදීමේ වැඩසටහනකට ජනතාව ඉදිරිපක් වෙලා නැහැ. 

“කිසිම කෙනෙක් බලෙන් ඇදගෙන ගිහින් ඉන්ජක්ෂන් එක දෙන්න බැහැ. රටේ ජනතාවගේ සහාය නොලැබුණ හොත් මුළු රටේම ජනතාව මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අවසානයේදී රට වසා දැමීමට සිදුවුණහොත් ඉන් ඇතිවන ආර්ථික පරිහානිය රට ගොඩගන්නට බැරි තරමට නරක අතට යන්න පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට රු. 120ට වී ගන්න බෑ - අපි අසරණ වෙලා ඉන්නේ
08:56
Video thumbnail
අඹුසැමි ආරවුල මැදට පැන්න අසල්වැසියා සැමියාව අවසන් ගමන් යවයි
02:30
Video thumbnail
උඹලට අමුඩේ ගස්සලා පාරේ ඇවිද්දවන කාලේ වැඩි ඈතක නෑ
07:08
Video thumbnail
අර ඉන්නේ බඩු.. ගිනිපෙට්ටිය අතේ තියෙන්නේ
01:19
Video thumbnail
ටීචර්ගේ සුපිරි රියට ගි#නි තියපු 3 වසරේ කොල්ලා?
01:53
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06