ඔමික්‍රෝන් අනු ප්‍රභේද හසු වූ ප්‍රදේශ මෙන්න

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයේ අනු ප්‍රභේදයක් වන BA.1 ආසාදිතවූවන් කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරති.

ඒ අනුව එම ආසාදිතයින් කොළඹ, වැල්ලම්පිටිය, බොරලැස්ගමුව, අවිස්සාවේල්ල, හෝමාගම, කටුගොඩ, මඩපාත, පාදුක්ක, පරකුඩාව යන ප්‍රදේශවලින් හඳුනාගෙන තිබේ.

එමෙන්ම ඔමික්‍රොන්හි තවත් අනු ප්‍රභේදයක් වන BA.2 ආසාදිතවූවන්ද ප්‍රදේශ රැසකින්ම වාර්තා වී තිබුණි.

ඒ, කොළඹ, කොළොන්නාව, ගල්කිස්ස, නුගේගොඩ, අවිස්සාවේල්ල, ගාල්ල, බදුල්ල යන ප්‍රදේශවලිනි.

මෙරටින් වාර්තා වන එම BA.2 නම් අනු ප්‍රභේදය එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය විසින් සැලකිය යුතු මට්ටමේ කාණ්ඩයට ඇතුළත් කළ අනු ප්‍රභේදයක්වීමද විශේෂත්වයකි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය ඒ බව තහවුරු කළේය.

මේ අතර මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අඛණ්ඩව සිව්වන දිනටත් ඊයේ 800 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අනුව මෙරට දෛනික කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ දිනවල ක්‍රමයෙන් ඉහළ යමින් පවතී.

ඊයේ මෙරටින් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 845කි.

මේ අතර මෙරටින් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 75 දෙනෙකු ඊයේ හඳුනාගත් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනය නිවේදනය කළේය.

ඒ බව අනාවරණ වී ඇත්තේ සමාජයෙන් වාර්තා වූ ආසාදිතයින් අතරින් අහඹු ලෙස තෝරාගත් ජෛව සාම්පල 78ක් පරීක්ෂා කළ අවස්ථාවේදීය.

මේ අතර පෙරේදා තවත් කොවිඩ් මරණ 12ක් මෙරට තුළ සිදුවී තිබුණි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 15,284කි.

කොවිඩ් ආසාදිතව සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙක් වූ අතුල කහඳලියනගේ මහතාද ඊයේ රාත්‍රියේ මියගොස් ඇත.

ඒ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය.

2002 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ කටයුතු කළ ඒ මහතා 2010 වසරේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරයේ කටයුතු කළේය.

මේ අතර කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මකය.

ඊයේ ලබාදී ඇති බූස්ටර් එන්නත් මාත්‍රා ගණන 27,919කි.

ඒ අනුව තවමත් බූස්ටර් එන්නත ලබාගෙන ඇත්තේ මෙරට පුද්ගලයින්ගෙන් ලක්ෂ 50කටත් අඩු පිරිසකි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04