ඔමික්‍රෝන් වලින් මේ අයට අවධානම බොහොම අඩුයි…..

පුද්ගලයෙකු එන්නත් තුනම ලබාගෙන සිටිනම් ඔහු ඔමික්‍රොන් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද ඔහුට කොවිඩ් වැලඳීමේ අවදානම ඉතා අවම මට්ටමක පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළාය.

“ඔමික්‍රෝන් ප්‍රභේදය වැලඳුන සාමාජිකයෙක් ඔබගේ පවුලේ සිටියත්, ඇත්තටම ඔබ නිරෝගි පුද්ගලයෙක් ඒ වගේම කොවිඩ් එන්නත සඳහා දෙන එන්නත් තුනම ලබාගෙන සිටින කෙනෙක් නම්, ඔබ ළඟින්ම මේ රෝගියාගේ ආශ්‍රිතයෙක් වුණත් ඔබට මේ රෝගය වැලඳීමට තියෙන අවකාශය ඉතාමත් අඩුවෙනවා. ඒ වගේම වැලඳුනත් ඔබ සංකූලතාවලින් තොරව මේ රෝගය ඉක්මනින් සුව වෙන්න පුළුවන් හැකියාවක් ඔබට තියෙනවා. ඒ නිසා ඇත්තටම ඔබගේ එදිනෙදා කටයුතුවලින් ඉවත්වෙලා, ඔබ වෙන්ව දවස් ගානක් ඉස්සර ඩෙල්ටා ප්‍රභේදයේ හිටියා වගේ, මේ අවස්ථාවේ දී ඉන්න අවශ්‍යතාවයක් නෑ. ඔබගේ එදිනෙදා කටයුතු කරගන්න මේ මඟින් කිසිදු බාධාවක් වෙන්නේ නෑ.”

මේ අතර අද (31)දිනයේ සිට ජංගම එන්නත්කරණ මධ්‍යස්ථාන යොදාගනිමින් බුස්ටර් එන්නත ලබාදීමේ කටයුතු ආරම්භ කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, කොවිඩ් බුස්ටර් එන්නතේ සුළු සංකුලතා ඇති වුවද එය බරපතළ තත්ත්වයක් නොවන බවය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33