ඔමික්‍රොන් නව උප ප්‍රභේදයක් හිස ඔසවයි

කොරෝනා වෛරසයේ ඔමික්‍රොන් ප්‍රභේදයේ නව උප ප්‍රභේදයක් චීනයෙන් හඳුනාගෙන තිබෙනවා.

එරට දෛනික ආසාදිතයන් 10,000 ඉක්මවා මේ වනවිට වාර්තා වීමට හේතුවී ඇත්තේ එම උප ප්‍රභේදය බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මෙම නව උප ප්‍රභේදය හඳුනාගැනීමත් සමඟ චීනයේ ෂැංහයි නගරයේ කිලෝමීටර 70 කට අධික ප්‍රමාණයක් හුදෙකලා කිරීමට ද පියවර ගැනුනා.