ඔබ තනිවී නැහැ – පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් සියලු ශ්‍රී ලාංකිකයන්ට කියයි

ශ්‍රී ලංකාව අද ආර්ථික වශයෙන් ගැටලුකාරි තත්ත්වයකට පත්ව සිටියද කිසිඳු අවස්ථාවක තනි වී නොමැති බවත් පොදු රාජ්‍ය මණ්ඩලය නිරතුරුවම ශ්‍රී ලංකාව සමග සිටින බවත් පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය ප්‍රකාශ කරනවා.

පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ සිටි සෙන්ටර්හි පැවති භූ දේශපාලන සිතියම් විද්‍යාව පිළිබඳ මංගල සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමින්.

“බහු අර්බුද යුගයක පොදුරාජ්‍ය මණ්ඩලයේ කාර්යභාරය” යන තේමාව යටතේ යි මෙය සංවිධානය කර තිබුණේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය..

අද ශ්‍රි ලංකාව මුහුණ දී සිටින පීඩාකාරි තත්ත්වය පිළිබඳ මනා අවබෝධයක් මා තුළ තිබෙනවා. එම පීඩාකාරී තත්ත්වය ශ්‍රී ලංකාවට දරා ගැනීම අසිරු බව ද මම දන්නවා. එම තත්ත්වය හමුවේ යම් අස්ථාවර භාවයක් සහ හුදකලා බවක් සමග යම්කිසි බියක් ශ්‍රී ලාංකිය ජනතාව තුළ උද්ගතව ඇති බව ද මම දන්නවා. එහෙත් ඔබ කිසිවිටක තනි වී නැහැ. ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩල පවුලේ සාමාජිකයෙකු බව අමතක නොකළ යුතු බව මම සඳහන් කිරීමට කැමතියි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ අපි සියලුදෙනා එක පවුලක සාමාජිකයන් ලෙස එකිනෙකා කෙරෙහි වගකීමකින් බැඳි සිටිනවා. එම වගකීම සහ අප අතර ඇති බැඳීම නිසා අභියෝග හමුවේ කිසිවෙකුට තනිවීමට ඉඩ තබන්නේ නැහැ.

පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටවල මෙන්ම ලෝකය පුරා මම සංචාරය කරනවා. එම රටවල් මුහුණදී සිටින අභියෝග වෙනස් වුවද ඒ සියලුදෙනා සමාන පීඩනයකට මුහුණ දී සිටිනවා. අප සියලුදෙනාම විවිධ අභියෝග හේතුවෙන් එකම අර්බුදයක පැටලි සිටින අතර අද අප සියලුදෙනා ජීවත්වන්නේ කොවිඩ් 19 ව්‍යසනයෙන් පසුව පැන නැගුණු සමාජ, දේශපාලන සහ ආර්ථික ගැටළු සමගයි. අප සියලුදෙනා එක්ව මෙම අභියෝග ජයගත යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…

මෙම අවස්ථාවට සහභාගීවන ලෙස පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මියට අපි ආරාධනා කළා. ඇය ශ්‍රී ලංකාවේ මෙන්ම ආසියාවේ සහ අප්‍රිකාවේ හොඳ මිතුරියක් වන අතර ඇය අපගේ චින්තනය නියෝජනය කරනවා.
ඒ වගේම ඇයගේ ශ්‍රී ලංකා සාංචාරයට තවත් විශේෂ හේතුවක් තිබෙනවා. ශ්‍රී ලංකාව නිදහස ලබා ගැනීමෙන් පසු පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගත්තා. එදා පටන් අප පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරනවා. එවැනි පසුබිමක අපේ 75 වන නිදහස් දින සැමරුම සමරන අවස්ථාවේ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරිය මෙහි සිටීම ඉතා වැදගත් බව අපට හැඟුණා. එම නිසා අපේ 75 වන නිදහස් දින සැමරුමට සහභාගීවන ලෙස අප ඇයට ආරාධනා කළා.
භූ දේශපාලන සිතියම් විද්‍යා සමුළුවේ මංගල දේශනය සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් මහත්මිය සමඟ අද මෙහි පැමිණීම මට මහත් සතුටක් බව කිව යුතුයි.

භූදේශපාලනික සිතියම් විද්‍යාව රටේ පර්යේෂණ ආයතන සංඛ්‍යාව වැඩිකිරීමට දායක වනවා. ජාත්‍යන්තර කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීම, සමස්ත ජාත්‍යන්තර කටයුතු ආවරණය කිරීම පමණක් නොව, ඉන්දියන් සාගරයේ අප සිටින ප්‍රදේශයේ භූ දේශපාලනික අංශ කෙරෙහි අවධානය යොමු කිරීම මෙම සමුළුවේ අරමුණක් වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56