ඔබත් මේ දවස්වල බාස්මතී කියලා කෑවේ මේ හාල් ද ? (වීඩියෝ)

බාස්මතී සහල් බව පවසමින් ආනයනික වෙනත් සහල් වර්ගයක් මේ වනවිට වෙළඳපොළේ අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.

එම සහල් වර්ගය; බාස්මතී සහල් අලෙවි කරනු ලබන මිල ගණන්වලටම වෙළඳපොළේ අලෙවි කරන බවයි ඔහු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

“සුදු දිගටි සහල් බාස්මති කියල විකුණනවා වෙළඳපොළේ, ඒවා ඇත්තටම බාස්මති සහල් නෙමෙයි. ඒවා දිගටි සහල් වර්ග ඒවට කියන්නේ long drice රයිස් කියලා. ඒවා බාස්මති සහල් නෙවෙයි. තීරු බදු ලෙස බාස්මතිවලට රුපියල් 400ක් අය කරනවා. අනෙක් සහල් වලට අය කරන්නේ කිලෝග්‍රෑම් එකට රුපියල් 65ක් පමණයි. බාස්මතී නොවන සහල් ආනයනය කළ විට අපි බාස්මතී කියලා ඒවා හඳුන්වාගෙන බාස්මතීවලට අදාළ තීරු බදු අය කරන්න බැහැ. පරීක්ෂාවකින් පසු ඒවා බාස්මතී නොවේ නම් ඒවා නිදහස් කරන්නේ රුපියල් 65ක් තීරු බද්ද අය කරගෙන. මේ සහල් දෙකම සමාන නිසා වෙළඳපළේ බාස්මතී කියලා මේවා විකුණනවා අපි දැකලා තිබෙනවා පාරිභෝගියා දැනුවත් විය යුතුයි තමන් මිලදී ගන්නේ ඇත්තටම බාස්මතී සහල්ද කියලා.”

මේ අතර ආනයන බහලුම් 40ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් සිදුකරගෙන යන බවත් ඔහු සඳහන් කර සිටියා.

එම බහාලුම් තුළ ඇති සහල්වල සාම්පල් ලබාගෙන බතලගොඩ වී පර්යේෂණ ආයතනයට මේ වනවිටත් යවා ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

එම පරීක්ෂාවෙන් පසු මෙම සහල් වර්ගය කුමක්ද යන්න තීරණය කර ඒ සම්බන්ධයෙන් බදු වංචාවක් සිදුකර ඇත්නම් අදාළ බදු අයකර ගන්නා බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19