ඔබත් මේ දවස්වල බාස්මතී කියලා කෑවේ මේ හාල් ද ? (වීඩියෝ)

බාස්මතී සහල් බව පවසමින් ආනයනික වෙනත් සහල් වර්ගයක් මේ වනවිට වෙළඳපොළේ අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල් සීවලී අරුක්ගොඩ පවසනවා.

එම සහල් වර්ගය; බාස්මතී සහල් අලෙවි කරනු ලබන මිල ගණන්වලටම වෙළඳපොළේ අලෙවි කරන බවයි ඔහු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

“සුදු දිගටි සහල් බාස්මති කියල විකුණනවා වෙළඳපොළේ, ඒවා ඇත්තටම බාස්මති සහල් නෙමෙයි. ඒවා දිගටි සහල් වර්ග ඒවට කියන්නේ long drice රයිස් කියලා. ඒවා බාස්මති සහල් නෙවෙයි. තීරු බදු ලෙස බාස්මතිවලට රුපියල් 400ක් අය කරනවා. අනෙක් සහල් වලට අය කරන්නේ කිලෝග්‍රෑම් එකට රුපියල් 65ක් පමණයි. බාස්මතී නොවන සහල් ආනයනය කළ විට අපි බාස්මතී කියලා ඒවා හඳුන්වාගෙන බාස්මතීවලට අදාළ තීරු බදු අය කරන්න බැහැ. පරීක්ෂාවකින් පසු ඒවා බාස්මතී නොවේ නම් ඒවා නිදහස් කරන්නේ රුපියල් 65ක් තීරු බද්ද අය කරගෙන. මේ සහල් දෙකම සමාන නිසා වෙළඳපළේ බාස්මතී කියලා මේවා විකුණනවා අපි දැකලා තිබෙනවා පාරිභෝගියා දැනුවත් විය යුතුයි තමන් මිලදී ගන්නේ ඇත්තටම බාස්මතී සහල්ද කියලා.”

මේ අතර ආනයන බහලුම් 40ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් සිදුකරගෙන යන බවත් ඔහු සඳහන් කර සිටියා.

එම බහාලුම් තුළ ඇති සහල්වල සාම්පල් ලබාගෙන බතලගොඩ වී පර්යේෂණ ආයතනයට මේ වනවිටත් යවා ඇති බව ද ඔහු මෙහිදී පැවසුවා.

එම පරීක්ෂාවෙන් පසු මෙම සහල් වර්ගය කුමක්ද යන්න තීරණය කර ඒ සම්බන්ධයෙන් බදු වංචාවක් සිදුකර ඇත්නම් අදාළ බදු අයකර ගන්නා බව ද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
6
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.07.24
00:00
Video thumbnail
අධිකරණ ඇමති ගැම්මට කියපු දේ - 159ක් ඉන්නවනේ..මට කිසිම බයක් නෑ..ඉල්ලා අස් වෙන්නේ නෑ
01:15
Video thumbnail
අර්චුනාට වරෙන්තු නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - වරප්‍රසාද කඩවෙලා තියෙනවා
03:42
Video thumbnail
අධිකරණ ඇමති හර්ෂණට එරෙහි විශ්වාසභංග විවාදය අජිත් අරඹයි
03:32
Video thumbnail
අකරගම ප්‍රදේශිය රෝහලේ උණුසුම් තත්ත්වයක් - ඇයි යකෝ..මහලොකු උඹේ චණ්ඩිකම්
02:53
Video thumbnail
හිටපු ජනපති මෛත්‍රිපාල, කථානායක ඇතුළු ප්‍රබලයෝ එකට හමුවූ තැන
01:34
Video thumbnail
විදුලි සැර වැ# කාන්තාවක් එළොව යයි
01:08
Video thumbnail
චමින්ද - නාමල් උදෙන්ම පාර්ලිමේන්තුවේ පැටලෙයි..හොරකම ගැන පැහැදෙනකොට ඇමතිට දුක ඇති
09:37
Video thumbnail
චීන ජාතිකයාගේ සිරුර රැගෙන ආ බවට සැක කරන සැප රියක් හමුවෙයි
01:35
Video thumbnail
විපක්ෂ නායක කාර්යාලයට යන්න හිතුවේ නෑ..හැබැයි යන්න වුණා - නාමල් සැරටම කිව්ව කතාව
07:47