spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔබත් උණුසුම් කාලගුණය ගැන විමසිලිමත් වන්න !

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ දී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඊට අමතරව මධ්‍යම සහ වයඹ පළාත්වලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවයි දැනුම් දෙන්නේ.

නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන්.

මේ අතර අද (27) දිනය තුළ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට උණුසුම් දර්ශකය අවධානයට යොමුකළ යුතු මට්ටමක පවතින බව එම දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා.

ඒ, අනුව අධික උෂ්ණත්වය හමුවේ පුද්ගලයින් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් දැනුම්දීමක් ද සිදුකර තිබෙනවා.

1 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?