ඔබටත් මෙවැනි දුරකතන ඇමතුමක් ආවාද ? – ප්‍රවේසම්වන්න (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය ගැන පවසා පුද්ගලයන් බියවද්දා කප්පම් ලබාගන්නා ජාවාරමක් පිළිබඳව හිරු පුවත් ඔස්සේ අප පසුගියදිනක අනාවරණයක් සිදුකළා.

ඒ අනුව පොලිසිය විසින් සිදුකළ වැඩිදුර විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස දිවයින පුරා තවත් එවැනිම සිදුවීම් 50කට ආසන්න ප්‍රමානයක් පිළිබඳව මේ වනවිට අනාවරණ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

මෙවැනි ඇමතුම් බොහෝ අවස්ථාවල ලැබෙන්නේ නිවාසවල ස්ථාවර දුරකථන අංකවලට බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ දිනවල කප්පම් ලබාගැනීම සඳහා අපරාධකරුවන් විසින් මෙම නව ක්‍රමය අනුගමනය කරනු ලබන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඊයේ දිනයට පමණක් එවැනි සිදුවීම් සම්බන්ධ පැමිණිලි 3ක් ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

එහිදී ඇමතුම ලබාදෙන පුද්ගලයා පවසන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ විමර්ශනවලට කටඋත්තර ලබාගැනීමට අවශ්‍ය බවත් අපහසුතාවයක් ඇති නොවී එම තත්වයන් මගහරවා ගැනීමට තමන් ලබාදෙන බැංකු ගිණුමට මුදල් තැන්පත් කරන ලෙසයි.

කෙසේ වෙතත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේ එලෙස ලැබෙන ඇමතුම් නොසලකා හරින ලෙසයි.

එවැනි ජාවාරම්කරුවන්ට හසුවී කිසිදු අවස්ථාවක මුදල් තැන්පත් කිරීමක් සිදුනොකරන ලෙසද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටියා.

වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ එවැනි සිදුවීමක් පිළිබඳව හිරු පුවත් සිදුකළ අනාවරණය පහතින්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04