ඔන්ලයින් පනත විවාදයට ගැනීම ගැන මැතිසබයේ ඡන්දයක්

ආණ්ඩුව විසින් ගෙන එන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් අද (23) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවැත්වුණා.

ඒ, අනුව එය විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 83ක් හිමි වූ අතර, විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 50ක්.

එහිදී වැඩි ඡන්ද 33කින් අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීම සම්මත වුණා.

ඒ, අනුව මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත විවාදය මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ආරම්භ කරනු ලැබුවා.