ඔන්ලයින් පනත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි (වීඩියෝ)

මාර්ගගත ආරක්ෂාව සම්බන්ධයෙන් වන කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 108ක් ලැබී තිබූ අතර විපක්ෂව ලැබී තිබූ ඡන්ද සංඛ්‍යාව 62ක්. ඒ අනුව වැඩි ඡන්ද 46කින් පනත සම්මත වුණා.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් විසිනුයි මෙම පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ.