ඔන්ලයින් පනත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

මෙම ගැසට් පත්‍රය අනුමැතිය සඳහා ඉදිරියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පසුගිය 22 වනදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

ඊට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ද ලබා දුන්නා.