ඔන්ලයින් පංති කල ගුරා අමුතු පාඩමක් දැරියට කියාදිලා

මාර්ගගත අධ්‍යාපනය ලබාදෙන අතරවාරයේදී 15 හැවිරිදි දැරියකට අසභ්‍ය ඡායාරුප යවා ලිංගික හිංසනයට ලක් කළ බව කියන විද්‍යා විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයකු පානදුර , දිග්ගල දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි .

දැරියගේ මව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දුරකතනය හරහා කරන ලද පැමිණිල්ලකින් පසු එයින් ලද උපදෙස් අනුව පිළියන්දල පොලිසියට ඒ පිළිබඳ පැමිණිලි කළ බව පොලිසිය කියයි . කොළඹ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන දැරිය මෙම වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇති අතර වැඩිදුර අධ්‍යාපනය සඳහා සැකකාර ගුවරුවරයා උගන්වන මහරගම උපකාරක පන්තියකට මව්පියන් විසින් යොමුකර තිබූ බව පොලිස් විමර්ශනවලදී හෙළිවී ඇත . කොරෝනා වසංගත තත්ත්වය මත පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් උපකාර පන්තියට පැමිණෙන සිසු දරු දැරියන්ට මාර්ගගත අධ්‍යාපනය ඔස්සේ විද්‍යා විෂය සඳහා දැනුම ලබාදීමට සැකකාර ගුරුවරයා විසින් කටයුතු කර තිබූ බවත් පොලිසිය කියයි .

පසුගිය දිනෙක මෙම සැකකාර ගුරුවරයා පැය දෙකක කාලයක් දැරියට මාර්ගගත අධ්‍යාපනය ලබාදී ඇති අතර රාත්‍රී 9 ට පමණ දැරිය නින්දට ගිය අතරවාරයේදී මව ඇයගේ ජංගම දුරකතනය පරික්ෂා කිරිමේදී සැකකාර ගුරුවරයා විසින් වට්ස්අප් තාක්ෂණය ඔසේ එවන ලද අසභ්‍ය කෙටි පණිවිඩ කීපයක් දැක දැරියගෙන් ඒ පිළිබඳ විමසා ඇතැයි පොලිසිය කියයි . ගුරුවරයා දැනට මාස කීපයක සිට මෙයාකාරයෙන් කාන්තාවන්ගේ උඩුකය නිරුවත් ඡායාරූප සහ වෙනත් ඡායාරූප තමන් වෙත එවා ඒ ආකාරයෙන් තමගේ ද නිරුවත් ඡායාරූප එවන ලෙස වට්ස්අප් තාක්ෂණය ඔස්සේ තමාට කෙටි පණිවුඩ එවූ බවත් ඊට ප්‍රතිචාර වශයෙන් අන්තර්ජාලය ඔස්සේ ලබාගත් ඡායාරූප කීපයක් ගුරුවරයා වෙත යැවූ බව දැරිය මව්පියන්ට පවසා ඇතැයි පොලිසිය කියයි . සිද්ධිය සම්බන්ධයෙන් මව්පියන් කරුණු විමසීමත් සමගම ලජ්ජාවට පත් වූ දැරිය නිවෙසේ තිබූ පෙති වර්ගයක් පානය කිරිම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර , ඇයගේ තත්වය එතරම් බරපතළ නැතැයි පොලිස් නිලධාරියෙක් පැවැසීය .

මේ පිළිබඳ අදහස් දැක්වූ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ දිනවල බොහෝ දරුවන් මාර්ගගත අධ්‍යාපනයට නැඹුරු වී තිබෙනවා . ඔවුන් දිනකට කාලයෙන් වැඩි වේලාවක් ජංගම දුරකතනය හා හුදෙකලාවීම සිදුවෙනවා . මෙම සිද්ධිය මෙයාකාරයෙන් හෝ නිමා වූයේ එම මාපියන්ගේ සිය දරුවා සම්බන්ධයෙන් සැලකිලිමත් වූ නිසයි . සැකකාර 35 හැවිරිදි ගුරුවරයා විවාහක දරුවන් ද සිටින තැනැත්තකු බව පොලිසිය කියයි . බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් , බස්නාහිර දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය , ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර , ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෙපතිරණ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති අශෝක විජේසූරිය , ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් සැරයන් 4202 කුසුම් , පොලිස් කොස්තාපල් ඉෂාර මහත්ම මහත්මීහු පරික්ෂණ පවත්වති .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09