ඔන්ලයින් ණය දුන් චීන ජාතිකයන් ඇතුලු 6ක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ ණය ලබා ගන්නා පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඇතුලු ක්‍රමවේද ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර එම පිරිස් අපහසුතාවට පත් කර මුදල් ලබා ගැනීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් 6 දෙනෙකු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඇප මත නිදහස් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙන්ම පරිගණක අපරාධ විමරශන කොට්ඨාශයට ලැබුණු තොරතුරු මතයි සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ.

චීන ජාතික කාන්තාවන් 3 දෙනෙකු චීන ජාතික පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු සහ මෙරට භාෂා පරිවර්තකයෙකු ද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

දෙහිවල ප්‍රදේශයේ ස්ථානයක පවත්වාගෙන ගිය ණය ලබාදීමේ ආයතනය ඊයේ (13) පස්වරුවේ වටලා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස ණය ලබාදෙන ආයතන මගින් එම ණය වාරික පැහැර හරිනු ලබන පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් කර ඔවුන් පීඩාවට පත් කිරීමේ සිදුවීම් රැසක් පසුගිය සමයේ වාර්තා වී තිබුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාශයට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේදී හෙළිවී ඇත්තේ ණය ලබා ගැනීමට අයදුම් කිරීමේදී අදාළ ආයතනය විසින් අයදුම්කරුට බාගත කිරීමට ලබාදෙන යෙදවුම (App) මගින් ණය ලබාගන්නා පුද්ගලයාගේ දුරකථනය තුළ ඇති සියලු පෞද්ගලික දත්ත එම ආයතනය රහසිගතව ලබාගන්නා බවටයි.

අනතුරුව ණය ලබාදීම පැහැර හරිනු ලැබුවහොත් එම ණයකරු පිළිබඳ පෞද්ගලික තොරතුරු සමාජගත කරන බවටයි පොලිසිය හෙළි කරගෙන ඇත්තේ.

දෙහිවල ප්‍රදේශයේ ස්ථානයක මෙලෙස ණය ලබාදෙන ආයතනයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරු මත ඊයේ වැටලීම සිදුකර තිබෙනවා.

එම ස්ථානයේ පරිගණක දත්ත ගබඩාවක ණයකරුවන්ගේ සියලු තොරතුරු ගබඩා කර ඇති අතර එහි ප්‍රධාන දත්ත ගබඩාව චීනයේ පවතින බවටයි හෙළිවී ඇත්තේ.

එම ස්ථානයේ තිබී ණය ලබාදීමේ ජාවාමට යොදාගනු ලැබූ පරිගණක මෙන්ම ජංගම දුරකථන විශාල ප්‍රමාණයක් ද සොයාගෙන තිබෙනවා.

එහි සිටි චීන ජාතිකයන් ඇතුලු පිරිස අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා. එහිදීයි සැකකරුවන් ඇප මත නිදහස් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16