ඔන්ලයින් ණයදෙන ආයතනයක් වටලා චීන්නු 05ක් සමඟ හයදෙනෙක් අත්අඩංගුවට

අන්තර්ජාලය හරහා ණය ලබාදීමේ මධ්‍යස්ථානයක් වටලා චීන ජාතිකයින් පස්දෙනෙකු සහ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

දෙහිවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මෙම මධ්‍යස්ථානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් වටලා ඇති බවයි වාර්තා වුණේ.

පොලිසියට ලද පැමිණිල්ලක් මත මෙම ස්ථානය වටලා ඇති අතර, වැටලීමේ දී පරිගණක 08ක්, ලැප්ටොප් පරිගණක 13ක් සහ ජංගම දුරකථන 49ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෙලෙස පොලිස් භාරයට ගත් උපාංග පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පරීක්ෂා කිරීමකට ලක්කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු චීන ජාතිකයින් 05 දෙනා ඇතුළු හයදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප ලබාදී ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මොවුන් විසින් ණය ලබාගත් පුද්ගලයින්ගේ පෞද්ගලිකත්වයට හානිවන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් මෙලෙස පොලිසියට පැමිණිලි ලැබී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් මෙවැනි ආයතන සමඟ ගනුදෙනු නොකරන ලෙස පොලිසිය විසින් මහජනතාවට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:43
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ
01:30
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?
01:31
Video thumbnail
දෙයියෝ පෙනි පෙනි භූතයෝ පිටිපස්සෙ ජනතාව ගියේ - දැන් දේවාලයට වදින්න පුළුවන් වෙයි
02:23
Video thumbnail
විපක්ෂය දුර්වලයි කියද්දි රෝහණට යකා නැග්ගද ?එයාලා එක්ක ග#ගන්නද කියන්නේ ?
02:56
Video thumbnail
ලෝකය දකින නායකයෙක් සජිත් කියන්නේ - ආතල් එකට බොරු කියලා චූන් කරන්නේ නෑ
02:53
Video thumbnail
කටට එන දෙයක් කියන නායකයෙක් බවට ජනාධිපති පත්වෙලා.. කතාවලට වැලිව් එකක් නෑ
02:06
Video thumbnail
අගමැති පට්ටම හරිනිගෙන් ගලවලා JVP කෙනෙක්ට දෙන්න යන්නේ ?රෝහණගෙන් ප්‍රබල හෙළිදරව්වක්
02:12
Video thumbnail
සජබය පාරේ විරෝධතාවයක් තියෙන්නේ පාර්ලිමේන්තුවේ බලය නැති නිසාද ?
03:40
Video thumbnail
වැරදි කරපු අය ආවේ නැති වුණාට කමක් නෑ..අපේ ගොඩට ගන්න සූදානම් නෑ
03:22