ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබාගන්න දැන් ඔබටත් පුළුවන්

ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවිය සඳහා අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ විසින් කළ ඉල්ලීමකට අනුවයි.

මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා හේතුවෙන්, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය බරපතල සමාජ ගැටළුවක් බවට පත්ව ඇති බව, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මීට පෙර පැවසුවා.

ඔහු පවසන්නේ, සංචරණ සීමා බල පැවැත්වෙන කාල සීමාව තුළදී නීති විරෝධී මත්පැන් අලෙවිය පෙර නොවු විරූ ආකාරයට වර්ධනය වී ඇති බවයි.

එමෙන්ම, මෙම නීතිවිරෝධී නිෂ්පාදනවලට ඉතා ඉහළ මිලක් ද නියම වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.

මෙම තත්ත්වය යම් තරමකින් හෝ පාලනය කර ගැනීමට ජාලගත හෙවත් “ඔන්ලයින්” ක්‍රමය යටතේ නීත්‍යානූකූල මත්පැන් සාධාරණ මිලට ලබා දීම සඳහා ආයතන රැසක් සහ පුද්ගලයින් ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බවයි, කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14