spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔන්ලයින් ක්‍රමයට මත්පැන් ලබාගන්න දැන් ඔබටත් පුළුවන්

ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමයට මත්පැන් අලෙවිය සඳහා අවසර ලබාදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

ඒ සුරාබදු කොමසාරිස් ජෙනරාල් කපිල කුමාරසිංහ විසින් කළ ඉල්ලීමකට අනුවයි.

මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන සංචරණ සීමා හේතුවෙන්, නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලෙවිය බරපතල සමාජ ගැටළුවක් බවට පත්ව ඇති බව, සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මීට පෙර පැවසුවා.

ඔහු පවසන්නේ, සංචරණ සීමා බල පැවැත්වෙන කාල සීමාව තුළදී නීති විරෝධී මත්පැන් අලෙවිය පෙර නොවු විරූ ආකාරයට වර්ධනය වී ඇති බවයි.

එමෙන්ම, මෙම නීතිවිරෝධී නිෂ්පාදනවලට ඉතා ඉහළ මිලක් ද නියම වී ඇති බව ඔහු වැඩිදුරටත් පවසනවා.

මෙම තත්ත්වය යම් තරමකින් හෝ පාලනය කර ගැනීමට ජාලගත හෙවත් “ඔන්ලයින්” ක්‍රමය යටතේ නීත්‍යානූකූල මත්පැන් සාධාරණ මිලට ලබා දීම සඳහා ආයතන රැසක් සහ පුද්ගලයින් ගණනාවක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීම් කර ඇති බවයි, කොමසාරිස්වරයා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
87
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?