රට ඇතුළේ ඔක්සිජන් හිඟයක් පවතින බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කළ අනාවරණයත් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශවලින් වාර්තාවක් කැදවා ඇත.
ඒ අනුව අදාළ වාර්තාව ඊයේ (02) දිනයේදී ජනාධිපතිවරයා වෙත ලබා දී ඇති බව දැනගන්නට ඇත.
එම වාර්තාවට අනුව දැනට රට ඇතුළේ පවතින ඔක්සිජන් තොග ප්‍රමාණවත් බව දැනුම් දී තිබේ.
යම් හෙයකින් ඔක්සිජන් හිඟයක් ඇති වුවහොත් සිංගප්පූරුව ඇතුලු රටවල් කිහිපයකින් ඔක්සිජන් ලබා ගැනීමේ හැකියාව පවතින බවත් එම වාර්තාවෙන් ජනාධිපතිවරයා දැනුවත් කොට ඇති බවත් දැනගන්නට ඇත.














Ane mnda WHO lockdown krnna kiyaddit tma ohoma ekama thana innawanm kata karala wadakuth ne.