ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් දුන් රෝගියා මරුට – සෞඛ්‍ය ඇමති වාර්තාවක් ඉල්ලයි (වීඩියෝ)

පියයුරු පිළිකා සැත්කමකට පැමිණි කාන්තාවක් සඳහා ශල්‍යාගාරයේදී ඔක්සිජන් වෙනුවට කාබන් ඩයොක්සයිඩ් වායුව ලබාදීම හේතුවෙන් එම රෝගියා මියයාමේ පුවතක් කොළඹ ජාතික රෝහලෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි කාන්තාවක්.

ඇය ශල්‍යකර්මයට භාජනය කිරීමෙන් අනතුරුව නැවත ප්‍රකෘති තත්ත්වයට පත්කර ගැනීම සඳහාවන ක්‍රියාවලියේදී මෙම අනතුර සිදුවී ඇත්තේ.

මේ සම්බන්ධයෙන් අප කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතාගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකිරීමට නියමිත බවයි.

අදාළ පරීක්ෂණය මරණය සම්බන්ධයෙන්වන පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලැබීමෙන් අනතුරුව සිදුකරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර රෝහල් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ රෝගියාගේ මරණයට හේතුව ලෙස ඇඳ ඉහපත වාර්තාවේ සටහන් කර ඇත්තේ ඔක්සිජන් අඩුවීම හෙවත් රෙස්පෙරොටෙරි හයිපොක්සියා තත්ත්වයයි.

කෙසේ වෙතත් මෙම මරණයට හේතුව අනපේක්ෂිත හෝ අසාමාන්‍ය සිදුවීමක් ලෙස සටහන් කර නොමැති බව ද වාර්තාවනවා.

මේ අතර කොළඹ ජාතික රෝහලේදී ඔක්සිජන් වෙනුවට කාබන්ඩයොක්සයිඩ් ලබා දීමෙන් රෝගියෙකු මියගොස් ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂකවරයාගෙන් වාර්තාවක් කැඳවීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51