ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයින්ගේ නැවතත් ඉහළ යාමක්

ඔක්සිජන් මත යැපෙන කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 10%කින් ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

දැඩි සත්කාර ඒකක ඇඳන් 70 න් 66ක්ම භාවිත කරමින් ඇති බවයි එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ.

විදෙස්ගත වන සිසුන්ට අවශ්‍ය එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද ඔහු සඳහන් කළා.

මාතලේ දිස්ත්‍රික්කයේ ඉලක්කගත කණ්ඩායම්වලින් 63%ක් බූස්ටර් එන්නත ලබාගෙන තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.

මහනුවර, අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කවල ජනතාවගෙන් ඉහළ ප්‍රතිශතයක් ද බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසුවේ.

මේ අතර ඊයේ (18) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,282ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 634,333ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සිංගප්පූරුවේ GEC සමුළුවේදී නාමල් කියූ කතාව - ඉන්දිය සාගරය රටවල් සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක් කරනවා
19:41
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ තිත්ත ඇත්ත ජේෂ්ඨ නි.පොලිස්පති ලලිත් හෙළිකරයි -100% ප්‍රශස්ත රාජකාරි කරන්නේ නෑ ?
04:45
Video thumbnail
ජාත්‍යන්තර වේදිකාවට ගිය නාමල් වටා විද්වත් පිරිස එක්වූ හැටි - බිරිඳත් හිනාවේවී පැත්තක
02:00
Video thumbnail
සිංගප්පූරුවේදී නාමල් රාජපක්ෂ වටා එක්වුණු විද්වතුන්..
02:23
Video thumbnail
Ceylon Green Life Plantation ආරම්භ කළ සුවිශේෂී සංචාරක වගා බිම
07:58
Video thumbnail
රී# පු# හෝඳගන්නවත් සබන් කෑල්ලක් ගන්න බෑ - ලාල්කාන්ත කතා කළේ ගොවියට පු#න්
03:09
Video thumbnail
2026 පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් සලකුණ තැබීමට සැරසෙන මෙට්ලයිෆ් ක්‍රීඩාංගනය
02:28
Video thumbnail
මේ පුතා කවුද දන්නේ නෑ.. හැබැයි හැමදාම මේ බෝධීන් වහන්සේ ළඟ නතර වෙලා වැඳලා තමයි යන්නේ..
01:33
Video thumbnail
හිටපු පොලිස්පති, රංග සහ දිනේෂ් අවසන් මොහොතේ තැබූ එකම පණිවුඩය - ජීවිතය කියන්නේ දුකත් සතුටත් අතර ගමනක්
02:33
Video thumbnail
සැමගේ නෙත් කඳුළින් තෙත් කළ බන්ධනාගාර නියාමක පසිඳුගේ අවසන් ගමන - සැරයන් නිලයට උසස් කරයි
07:25