spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඔක්තෝම්බර් මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා තෝරාගැනේ

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔක්තෝම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නවසීලන්ත පිතිකරු රචින් රවීන්ද්‍රගේ තෝරා පත්කරගෙන තිබෙනවා.

සිය මංගල ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩාකරන රචින් රවීන්ද්‍ර තරගාවලිය තුළ මෙතෙක් දක්වා ඇති දක්ෂතා පදනම් කරගනිමින් මෙම තෝරාගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔක්තෝම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ඉන්දීය වේග පන්දු යාවක් ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා, දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් සහ නවසීලන්ත පිතිකරු රචින් රවීන්ද්‍ර අතර තියුණු සටනක් පැවතියා.

මෙම ක්‍රීඩකයින් තිදෙනාම මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී මේ දක්වා ඉහළ දක්ෂතා දක්වා තිබෙනවා.

23 හැවිරිදි රවීන්ද්‍ර තරඟාවලියේ ආරම්භක තරඟයේ දී එංගලන්තයට එරෙහිව නොදැ වී ලකුණු 123ක් ලබා ගත් අතර, පසුව ඔහුගේ ක්‍රිකට් දිවියට තවත් ශතකයක් එකතු කරමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ද ආකර්ෂණීය ලකුණු 116ක් වාර්තා කළා.

රවීන්ද්‍ර, ලෝක කුසලාන තරඟාවලියේ මේ දක්වා නවසීලන්තය වෙනුවෙන් 108ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ලකුණු 565ක් රැස්කරගෙන වැඩිම ලකුණු ලාභීන් අතර පළමු තැන පසුවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
1
+1
4
+1
5
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?