ඔක්තෝම්බර් මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකයා තෝරාගැනේ

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔක්තෝම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස නවසීලන්ත පිතිකරු රචින් රවීන්ද්‍රගේ තෝරා පත්කරගෙන තිබෙනවා.

සිය මංගල ලෝක කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩාකරන රචින් රවීන්ද්‍ර තරගාවලිය තුළ මෙතෙක් දක්වා ඇති දක්ෂතා පදනම් කරගනිමින් මෙම තෝරාගැනීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

ඔක්තෝම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ඉන්දීය වේග පන්දු යාවක් ක්‍රීඩක ජස්ප්‍රිත් බුම්රා, දකුණු අප්‍රිකානු ආරම්භක පිතිකරු ක්වින්ටන් ඩි කොක් සහ නවසීලන්ත පිතිකරු රචින් රවීන්ද්‍ර අතර තියුණු සටනක් පැවතියා.

මෙම ක්‍රීඩකයින් තිදෙනාම මෙවර එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී මේ දක්වා ඉහළ දක්ෂතා දක්වා තිබෙනවා.

23 හැවිරිදි රවීන්ද්‍ර තරඟාවලියේ ආරම්භක තරඟයේ දී එංගලන්තයට එරෙහිව නොදැ වී ලකුණු 123ක් ලබා ගත් අතර, පසුව ඔහුගේ ක්‍රිකට් දිවියට තවත් ශතකයක් එකතු කරමින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ද ආකර්ෂණීය ලකුණු 116ක් වාර්තා කළා.

රවීන්ද්‍ර, ලෝක කුසලාන තරඟාවලියේ මේ දක්වා නවසීලන්තය වෙනුවෙන් 108ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් ලකුණු 565ක් රැස්කරගෙන වැඩිම ලකුණු ලාභීන් අතර පළමු තැන පසුවනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14