ඔක්තෝබර් මාසයේ ICC ක්‍රීඩකයා සම්මානයට සැන්ට්නර්, රබාඩා හා අලී නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබාදෙනු ලබන ඔක්තෝබර් මාසයේ ‘ක්‍රීඩකයා’ සම්මානයට ප්‍රබලයින් තිදෙනකු නිර්දේශ වී තිබෙනවා.

නවසීලන්තයේ දඟ පන්දු ක්‍රීඩක මිචෙල් සැන්ට්නර්, දකුණු අප්‍රිකානු ක්‍රීඩක කගිසෝ රබාඩා සහ
පාකිස්තානයේ නෝමන් අලි මේ අතර වනවා.

මේ සඳහා නිර්දේශ වී ඇති ක්‍රීඩකයින් තිදෙනාට මනාප පළ කිරීමට මේ වනවිට අවස්ථාව හිමි ව ඇති බවයි වාර්තා වන්නේ.

38 හැවිරිදි නෝමන් අලි වමත් දඟ පන්දු යවන්නෙකු වන අතර ඔහු එංගලන්තයට එරෙහිව පකිස්තානය වෙනුවෙන් පැවති ටෙස්ට් තරගාවලියේ දී කඩුලු 20ක් දවාලීමට සමත් වුණා.

රබාඩා සිය කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය අගය 9.00ක අගයක රඳවා ගනිමින් කඩුලු 14ක් බිඳ දැමුවේ කඩුලු 05 බැගින් බංග්ලාදේශයට එරෙහි ව සිය දක්ෂතාව අවස්ථා දෙකකදී පෙන්නුම් කරමින්.

ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී නවසීලන්තය වෙනුවෙන් පන්දුවෙන් සහ පිත්තෙන් දැක්වූ දක්ෂතා හේතුවෙන් මිචෙල් සැන්ට්නර් මෙවර සම්මානයට නිර්දේශ වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14