රටේ සියළු ණය ගෙවීමට හැකි බැවින් බිය නොවන්නැයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැනුම් දෙනවා.
කොළඹ අද පැවති උත්සවයකදි මාධ්‍යයට අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.එබැවින් අසත්‍ය ප්‍රකාශ පතුරවා නොයමින් සාමකාමි ලෙස ජන ජීවිතය ගෙනයාමට උදව් වන ලෙස ඔහු මාධ්‍යයෙන් ඉල්ලිමක් ද කරනු ලැබුවා.










