spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඓතිහාසික එක්දින තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍ර්ලියාවට

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඕස්ට්‍ර්ලියානු නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහර දීමටයි.

අද (20) පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා එක්දින තරග ඉතිහාසයේ 100 වන ජාත්‍යන්තර එක්දින තරගය වීම ද විශේෂත්වයක්.

තරග පහකින් සමන්විත එක්දින තරගාවලිය මේ වනවිට එක් තරගය බැගින් ජයගෙන දෙපිළම සම තත්ත්වයේ පසුවනවා.

තරගය පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.

මේ අතර ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ආබාධයක් හේතුවෙන් අද තරගය අහිමි වී යන බවයි වාර්තා වන්නේ.

ඔහු වෙනුවට නිරෝෂන් දික්වැල්ල ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?