ඒ අදහස් ගැළපීම මත වෙච්ච ආදර කතාව විවාහයෙන් කෙළවර වුණේ

“නිර්වාන් සර් මුලින්ම ඔෆිස් එකට ආපු දවසේ, ස්නේහා මැඩම්ව ඇහුවෙ, එක්කෝ ස්නේහා මැඩම් කියලා, නැත්නම් ස්නේහා මිස් කියලා. පස්සෙ, පස්සෙත් එයා මැඩම්ට මිස්, මැඩම් කියලා කතා කරනවා මට හොඳට මතකයි, සර්” රනුල්‍යා කාටත් හොරෙන් මේ විදිහට ඔත්තු සපයන්නේ, ආයුෂ් සර්ට. මේ විදිහට ආයුෂ් සහ රනුල්‍යා අපට හමුවන්නේ, ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිමාලාව ඔස්සේය. කවුද මේ රනුල්‍යා?

සම්පූර්ණ නම?

“හංසනී නිසංසලා ගමගේ.”

හංසනී ද කියන්න ඕනෑ?

“බොහෝ දෙනා කතා කරන්නේ හංසි ගමගේ කියලා.”

‘හංසි’ කවුද කියලා කිව්වොත්

“දැන් නම් රංගන ශිල්පිනියක්. මීට පෙර කටයුතු කළේ, පෙරපාසල් ගුරුවරියක ලෙසයි.”

ඇයි පෙරපාසල් වෘත්තිය අත්හැරියේ?

“රංගනය වෘත්තියක් විදිහට තෝරා ගත්ත නිසයි.”

රංගනයට හිත යොමු වුණේ කොහොම ද?

“පාසල් සමයේදී, පාසල් වේදිකා නාට්‍ය ඔස්සේ.”

පාසල් ගියේ?

“මහාමායා බාලිකා විද්‍යාලය නුගේගොඩ.”

ගම?

“කොට්ටාවේ. පුංචි කාලයේ ඉඳලාම හැදී වැඩුණේ කොට්ටාවේ.”

පවුලේ විස්තරත් කියමු?

“මම විවාහකයි. මගේ මේ ගමන යන්න මට අම්මා, තාත්තා, සැමියා උදව් කරනවා. හැබැයි මුලදී ක්ෂේත්‍රය ගැන එච්චර පැහැදීමක් නොතිබුණ නිසා අම්මයි තාත්තයි කැමැත්ත දුන්නේ නැහැ. පවුලේ මමයි, අක්කයි විතරයි. පළවෙනියට මම රඟපෑවෙ ‘මිල්ලෑව වලව්ව’ නාට්‍යයෙන්. ඒකට මාව සම්බන්ධ කළේ අකිල ගරුසිංහ. ඒ නාට්‍යයට මාව ගත්තෙ ප්‍රභාත් රෝෂන්. ඒ නාට්‍යය නැරැඹුවාට පස්සෙ තමයි ගෙදරින් මට අත දුන්නේ. මට දක්ෂතාවක් තියෙන බව දැනගත්තා.”

මිල්ලෑව වලව්වෙන් පස්සෙ?

“ශ්‍රී සිද්ධාර්ථ ගෞතම, අසංවර වැස්සක්, සොමිබර ජරමර නාට්‍යවල රඟපෑවා. දැන් කියාදෙන්න ආදරේ තරම් නාට්‍යයේ රඟපානවා. ඒ නාට්‍යයේ ‘රනුල්‍යා’ කියන්නෙ මගේ රංගන ජීවිතයේ හැරැවුම් ලක්ෂ්‍යයක්.

‘රනුල්‍යා’ මොන වගේ චරිතයක් ද?

“කපටිකමින් තමන්ගේ ගැන විතරක් හිතලා, ඉදිරියට යන්න හදන චරිතයක්. මේ චරිතයට බොහෝ දෙනෙක් මට බණිනවා. ඒ විදිහට බණින්නේ මේ විදිහට දෝෂ දර්ශන එල්ල කරන නිසා වෙන්න ඇති. ඒ නිසා මම ඒ චරිතයට සාධාරණයක් කරලා ඇති කියලා සතුටු වෙනවා.”

සැබෑ ජීවිතේ හංසි?

“සියලු දෙනාගෙම ආශිර්වාදයෙන් ඉදිරියට යන්න උත්සාහ ගන්න හරිම සරල කෙනෙක්. සංවේදී කෙනෙක්. ‘රනුල්‍යා’ නිසා තව අලුත් චරිත දෙකක් ලැබී තිබෙනවා.”

කොහොම ද හංසිගෙ ගෙදර ජීවිතේ?

“පෙරපාසල් වැඩ නොකරන නිසා රංගනය ගැන පොඩි අධ්‍යයනයක් කරමින් සිටින, දැනුම සොයමින් සිටින මොහොතක් මේ.”

කොහොම ද විවාහ ජීවිතය?

“සරලව, සාමාන්‍ය විදිහට සුන්දරව ගලා යනවා.”

ඒ ප්‍රේමය ගැනත් කියමු?

“සෑහෙන කාලයක් තිස්සේ තිබූ ආදරයක්. ඒ අදහස් ගැළපීම මත වෙච්ච ආදර කතාව විවාහයෙන් කෙළවර වුණේ. සැමියා නිරත වෙලා ඉන්නේ ව්‍යාපාර කටයුතුවල.”

හංසිට ජීවිතේ දැනෙන්නෙ කොහොම ද?

“සරලව හිතුවාම හරිම සැහැල්ලුයි. සිහින ගොඩක් නැහැ. මට ගෙයක්, හොඳ මහත්තයෙක් ඉන්නවා. හැමෝටම හොඳ පතමින්, යථාර්ථය අවබෝධ කරගෙන ජීවත් වන කෙනෙක්.”

රංගනයට විතර ද දක්ෂ?

“නර්තනය, ගායනය සහ රංගනය තුනටම දක්ෂයි කියලා හිතනවා.”

ගායනයෙන් මොනවා ද කරලා තියෙන්නේ?

“තවම ගායනයෙන් යමක් කළේ නැහැ. පාසල් යන කාලයේ ජන ගී, කවි ගී අංශවලින් ජය ගත්තා. සාම්ප්‍රදායික උඩරට නර්තනයෙන් බොහෝ දක්ෂතා පෙන්නුවා.”

කලාවට සම්බන්ධ දේට හැර වෙන මොනවාට ද දක්ෂ?

“ගිණුම්කරණ අංශයට දක්ෂයි. කලක් ඩුබායි රාජ්‍යයේ ඇති ශ්‍රී ලාංකීය අවන්හලක ගිණුම් ලිපිකාරිනියක ලෙස සේවය කළා. කොරෝනා වසංගතයට පෙර ලංකාවට ආවේ. පාරිභෝගික සේවාව හොඳට කළ නිසා මට කතා කරනවා. ඒත් මම කලාව එක්ක සම්බන්ධ නිසා දැන් හිතන්නේ කලාවයි. කලාවට යමක් කළ යුතුය කියන අරමුණ ඇතිව කටයුතු කරන කෙනෙක්. ජාත්‍යන්තරය පවා අපේ රට ගැන කලා අංශයෙන් කතා කරන මොහොතක්. ඒ නිසා අපි හැමෝටම කලාවේ බොහෝ දේ වෙතින් බොහෝ දේ කළ හැකියි කියා මම හිතනවා.”

මේ ඔක්කෝම අතරේ ගෙදර වැඩත් පුළුවන් ද?

“හොඳට පුළුවන්. මගේ අතින්ම නිර්මාණ කරන්න ආසයි. ගෙදර හැඩ කරලා තියෙන්නේ මගේම චිත්‍ර එකතුවකින්. ගෙදර එන අය කියන්නේ කලා භවනක් වගේ කියලයි. පොඩි පොඩි පිළිම පවා හදලා තියෙනවා. ගෙදර පුංචි වුණත් නිසි පිළිවෙළට තියාගෙන ඉන්නවා.”

නිළියකට කොහොම ද සමාජයේ පිළිගැනීම?

“නිළිය කියනවාට වඩා රංගන ශිල්පිනිය කියන ආමන්ත්‍රණයට මම කැමැතියි. නිළිය කියන වචනය අහන විට සමහරු හිතන්නේ එයාලා එන්නෙ ලිංගික අල්ලස් එක්ක කියලා. හැබැයි නිර්මාණයකට යන්නේ දක්ෂතාවය තියෙන කෙනෙක්. ඒ නිසා වැරැදි විදිහට බලන්න හොඳ නැහැ. ඕනෑම රංගන ශිල්පිනියක් දිහා ගෞරවයෙන් බලන සමාජයක් ඇති වීම වැදගත්. රඟපෑම හැමෝටම කරන්න බැහැ. ඒක හරියට දෙවියන් දුන් දෙයක් වගේ උපතින්ම ආ හැකියාව එක්ක ලැබුණු දෙයක්.”

සඳුන් ගමගේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49
Video thumbnail
කුරුවිට බන්ධනාගාරයට ආ ආරක්ෂක අංශ පිටව ගිය හැටි
02:18
Video thumbnail
STF ඇතුළු ආරක්ෂක අංශ පල්ලන්සේන බන්ධනාගාරය තුළට
00:54
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද මහේස්ත්‍රාත්වරයා කුරුවිට බන්ධනාගාරයට පැමිණෙන අයුරු
02:20
Video thumbnail
බන්ධනාගාරවල ඇතිවූ නොසන්සුන්තාව ගැන අධිකරණ ඇමති කට අරියි - කිසිම චාන්ස් එකක් නෑ කුමන්ත්‍රණ කරන්න
02:34