ඒඩ්ස් රෝගීන් පිළිබඳ මෙරටින් ඇසෙන ඇඟහිරිවැටෙන හෙලිදරව්වක්

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ගත වූ මාස 9ක කාලය තුළ එච්.අයි.වී. අසාදිතයන් 342 දෙනකු වාර්තා වී තිබෙන අතර, මේ පිරිසේ විශ්වවිද්‍යාල සිසුන් 50ක් සිටින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ඊයේ (25) පැවසීය.

එමෙන්ම පාසල් දරුවන් 4ක්, චීවරධාරීන් දෙදෙනකු ඒ අතර සිටින බවද කී ඇය වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන් අතර එච්.අයි.වී. වයිරස ආසාදිතයන්ගේ වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවද කීවාය.වර්ෂ 1987 දී මෙරටින් පළමු එච්.අයි.වී. ආසාදිතයා වාර්තා වූ අතර, මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් අතරින් චීවරධාරීන් 20ක් පමණ සිටින්නේ යැයිද, අන්‍ය ආගමික පූජකවරුන්ද මේ අතර සිටින්නේ යැයිද ඇය පැවසුවාය.

1987 වසරේ සිට මේ දක්වා ආසාදිතයන් 4,404ක් වාර්තා වී ඇති අතර, ඉන් 1,000ක් පමණ මරණයට පත්ව ඇති බවත් 2,300ක පමණ පිරිසක් ප්‍රතිකාර ගැනීමට යොමුව සිටිය ද ඇස්තමේන්තුවලට අනුව ආසාදිතයන් 3,700ක් පමණ ප්‍රතිකාර ලබා ගත යුතු බවත් ඇය පැවසුවාය.

ආසාදිතයන් 1,500ක පමණ පිරිසක් එච්.අයි.වී. ආසාදිතයන් බව නොදැන සමාජය තුළ සිටින බවත් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයන් බොහෝ පිරිසකට ඔවුන්ගෙන් වයිරසය ආසාදිත විය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් පුද්ගලයන්ට එච්.අයි.වී. ආසාදනය වන්නේ යැයි ද, දරුවන් සමඟ ලිංගික කාරණා විවෘතව කතා කිරීමෙන් මෙවැනි ආසාදනයන් වළක්වා ගත හැකි බවත් ඇය පැවසුවාය.තරුණ දරුවන් සම්බන්ධයෙන් වැඩි වශයෙන් සොයා බැලීමට මවුපිය වැඩිහිටියන් කටයුතු කළ යුතු යැයිද ඇය පැවසුවාය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46