ඒක කසාද සහතිකයට එහා ගිය බැඳීමක්. – වොල්ගා කල්පනී

මම එක දිගට රඟපාන්න කැමැති කෙනෙක් නෙමේ. විශේෂයෙන්ම දීර්ඝ ටෙලි නාට්‍යවල රඟපාන්න මම ටිකක් අකැමැතියි. කොටස් 100ට අඩු ටෙලි නාට්‍යවල රඟපාන එක හොඳයි කියන මතයේ මම ඉන්නවා. මොකද දිගු කලක් එක දිගට පේන කොට ප්‍රේක්ෂකයන්ට එපා වෙන්නත් ඉඩ තියෙනවා.

ඒ වගේම ටිකක් වෙහෙසකර කාර්යයක්. ඉතින් මම හැම නිර්මාණයකම නැති හින්දා කාලයක් පෙනෙන්නට නැති වෙන්න පුළුවන්

වොල්ගා ඔබේ පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත්,විශේෂයෙන් ම ආදරය විවාහය ගැන?

මම හිතනවා මම ආයෙ විවාහ වෙන එකක් නැහැ කියලා. විවාහය ගැන බලාපොරොත්තුවක් නෑ. විවාහය සහතිකයට සීමා වෙච්ච එකක් වෙනවටත් මම ආස නෑ. මොකද අපේ අයට ගොඩක්ම විවාහ සහතික ඕන කරන්න යම් යම් ජීවිතයේ සන්ධිස්ථානවලදී. නමුත් ආදරය කියනදේ විවාහ සහතිකයට කොටුවෙච්ච එකක් නෙවේ. එහෙම කොටු කරන්නත් බැහැ. දෙන්නෙක් එකට ඉන්නවා කියලා කියන්නේ එතැන ලොකු විශ්වාසයක් තියෙනවානේ. එක කසාද සහතිකයට එහා ගිය බැඳීමක්. සමහර අය ඉන්නවා කසාද බැඳලා ඒ පවුල් ජීවිතේ නිසියාකාරව ගෙනියන්න බැරි. එතන ආදරයක් තියෙනවද කියන එකේ ප්‍රශ්නයක්. නමුත් මට කියන්න තියෙන්නෙ මගේ ජීවිතය තුළ නැවතත් විවාහයකට බලාපොරොත්තුවක් නෑ කියන එක.

රංගන ශිල්පිනියකට ලංකාවෙ තියෙන පිළිගැනීම ගැන මොකද කියන්න තියෙන්නේ?

මෙතැනදි මම දකින කාරණය තමයි, බොහෝ අය හිතාගෙන ඉන්නවා රඟපාන එක හරිම ලේසි වැඩක් කියලා. සමහර අය හිතනවා ටික්ටොක් කරපු පමණින් ම රංගන ශිල්පිනියක් වෙන්න පුළුවන් කියලා. කෙසේ වෙතත් මට හිතෙනවා හොඳ රංගන ශිල්පිනියකට තවමත් සමාජයේ ඉහළ පිළිගැනීමක් තියෙනවා කියලා. ඔය බලන්න ශලනි තාරකා. ඒවගේම තිසුරි යුවනිකා. කොච්චර හොඳට අපේ ක්ෂේත්‍රයේ ඉදිරියේ වැඩ කටයුතු කරගෙන යනවද. ඔවුන් කරන චරිත දිහා බලන්න. ඒවට කැපකිරීමෙන් ඔවුන් රංගනයේ යෙදෙනවා. රංගන ශිල්පිනියක් වෙන්න ලෙහෙසි නැහැ නේද?.

ප්‍රේක්ෂක ආදරය නිසා ඔබ කොයි වෙලාවක හරි අපහසුතාවයට පත් වෙලා තියෙනවාද?

කවදාවත් නෑ. ප්‍රේක්ෂක ආදරය නිසා මම යම් යම් ප්‍රශ්නවලට සාර්ථකව මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම මං ගැන කට කතා පළවෙද්දී. දරුණු කට කතා මං වෙනුවෙන් පළ වුණා. ඒ හැම අවස්ථාවකදිම ප්‍රේක්ෂකයෝ විසින් මාව බේර ගත්තා. ජනප්‍රියත්වය නිසා මට ඒ උදවු ලැබුණා. මං වටා ඉතා හොද බුද්ධිමත් ප්‍රේක්ෂක ජනතාවක් රැස් වෙලා ඉන්නවා. ඒ අය මගේ රංගන ගමනට වගේම මගේ කලා ගමනට,මගේ ජනප්‍රියත්වයට හොඳ ආශිර්වාදයක්.

ඔබගේ උස නිසා රංගනයේදී ගැටලු මතු වෙලා තියෙනවද?

විශේෂයෙන්ම අපේ තරුණ රංගන ශිල්පියෝ බොහෝ අය ටිකක් උසින් වැඩිය?

දැන් බලන්න සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයාව. මම අසා ඇති පරිදි ඔහු ලොකු උසක් තියෙන අයෙක් නෙමෙයි. නමුත් කැමරාව ඉස්සරහ මහා පෞරුෂයක් තිබුණා. ඉතින් මම හිතනවා උස මදිකම රංගනයට කිසිම බාධාවක් නෙවෙයි කියලා. මම නෙහාරා පීරිස්,චතුරිකා පිරිස් අක්කලා. අපි එක්ක උස කට්ටිය. ඒ කියන්නෙ අඩි පහේ උස කට්ටිය. කොතැනදිවත් මට ඒ උස ප්‍රශ්නයක් වෙලා නෑ. අනික මම හිතනවා ටිකක් උස අඩු වුණාම වයස අඩුව පේනවා කියලා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?
02:45
Video thumbnail
පායයි කියලා කිව්වට මෙච්චර පායයි කියලා හිතුවේ නැ ?වියළි කාලගුණය නිසා ජනතාවගෙන් ආණ්ඩුවට චෝදනා
03:34
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.06
00:00
Video thumbnail
මහර සිදුවීම ගැන ආණ්ඩුවේ ප්‍රබලයෙක් කට අරියි - පහුගිය දේශපාලනයයි, පාතාලයයි එකතුවෙලා කරන වැඩ මේ ?
03:26
Video thumbnail
වත්තේ ඉපදිච්ච නිසා අපි වත්තෙද වැඩ කරන්න ඕනි
01:58
Video thumbnail
ආණ්ඩුවට ගන්නා වී සහල් කිරීමට විශාල වී මෝලක් හදනවා අපි
04:59
Video thumbnail
බස් රථයක් යතුරුපැදියක ගැටී සිදූවූ අනතුර
01:10
Video thumbnail
කෘෂිකර්මාන්තය විනාශ කරන දාර පණුවෝ දෙන්නා ඇමතියයි, නි.ඇමතියයි - ශුක්‍රාණු යවන්න ඕනි රට
07:07
Video thumbnail
රජය, ඇමතිලා ඉන්නේ පිස්සු නටන්න නෙවෙයි - ඇමතිලා බයිලා කියන්නේ
11:00
Video thumbnail
අන්තරේට අගමැතිගෙන් යහපත් ප්‍රතිචාරයක් ? - මේවට කුඩම්මගේ සැලකිලි තියෙන්නේ
08:05