ඒකාබද්ධ විපක්ෂයෙන් අග විනිසුරුට ලිපියක්

ඒකාබද්ධ විපක්ෂය මඟින් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබෙනවා.

කම්කරු දින රැළියකට සහභාගී වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක නඩු තීන්දු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශයට එරෙහිවයි මෙම ලිපිය අග විනිසුරුවරයා වෙත යොමුකර ඇත්තේ.

රනිල් වික්‍රමසිංහ, නිමල් සිරිපාල ද සිල්වා, පාඨලී චම්පික රණවක, එම්.ඒ. සුමන්තිරන් ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක නායකින් මෙම ලිපිය සඳහා අත්සන් තබා තිබෙනවා.

ජනාධිපතිවරයා මැයි දින රැළියක දී සිදුකළ එම ප්‍රකාශය මඟින් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පදනම වු අධිකරණයේ ස්වාධිනත්වය සහ බලය බේදීමේ සංකල්පය විනාශ මුඛයට ලඟා කරන බවයි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ අධිකරණය මගින් ලබාදීමට නියමිත නඩු තීන්දුවක් පිළිබඳව පෙර දැනුමක් ජනාධිපතිවරයාට ඇති බවත් අදාළ ලිපිය මඟින් පෙන්වා දී තිබෙනවා.

මෙම ලිපිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට ඒකාබද්ධ විපක්ෂය අද (12) මාධ්‍ය හමුවක් ද කැඳවා තිබුණා.

ඒකාබද්ධ විපක්ෂය යොමුකළ ලිපිය මෙතැනින්..