එළුවන් සොරාගත් තිදෙනෙක් අත්අඩංගුවට

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, මල්ලේතීව් ප්‍රදේශයේදී එළු රංචුවක් රැකබලා ගත් පුද්ගලයින් දෙදෙනෙකුට පහර දී එළුවන් 35 දෙනෙකු සොරාගත් පුද්ගලයෙකු හා සොරාගත් එළුවන් සඟවාගෙන සිටි දෙදෙනෙකු ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ පසුගිය 16 වැනිදා රාත්‍රියේ එළු රංචුවක් රැකබලාගත් පුද්ගලයින් දෙදෙනෙකුට පහරදී එළුවන් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.

පහරකෑමට ලක්වූ එළුවන් රැක බලාගත් පුද්ගලයින් දෙදෙනා පුදුකුඩිඉරිප්පු රෝහල වෙත ඇතුළත් කොට තිබෙනවා.

සොරකමට සම්බන්ධ මුලතිව්, වට්ටාපලෙයි ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු හා සොරාගත් එළුවන් සිය නිවෙස්වල සඟවාගෙන සිටි කාන්තාවක් හා තවත් පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් විසින් සොරාගත් එළුවන් 15 දෙනෙකුද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාට යන්න දෙන්නෙත් නෑ - මිනිස්සු අතින් අල්ලාගනී
03:03
Video thumbnail
ඔයාලා කැලවල් අස්සෙනේ හිටියේ..දකින්නේ කොහෙද?
01:39
Video thumbnail
තාත්තයි පුතයි සුපිරි වෙළෙඳසැලක කරපු වංචනික වැඩේ
01:23
Video thumbnail
තිලීපන්ගේ පිළිරුව පොලිසියෙන් ඇවිත් ගලවගෙන යන හැටි
01:02
Video thumbnail
නාවික හමුදාපතිගෙන් සැර කතාවක් - අපගේ කිසිම මෙහෙයුමක් ලිහිල් කරන්නේ නෑ
05:11
Video thumbnail
අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ රැළිය
01:04
Video thumbnail
ජනපති අනුර සහභාගී වන ගම්පහ මහා රැලිය
02:58:20
Video thumbnail
උතුරු වෙරළේ කොටුවූ මත්ද්‍රව්‍ය ගැන විශේෂ අනාවරණයක් - මේ මිනිස්සුන්ට කිසිම හිතක් පපුවක් නැද්ද ?
09:04
Video thumbnail
උසාවියට අඩිය තියන්නේ නෑ කියලා හිතපු අයට උසාවියට එන්න වෙලා
02:36
Video thumbnail
ගම්පහ රැළියේ ඇතුළේ ඉඩ මදි නිසා පාරෙත් මහ සෙනඟක් - අතුරු සිදුරු නැතුව වැසුණු ගම්පහ
01:11