spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එළිසබෙත් මහ රැජිණගේ මරණට හේතුව මුල්වරට හෙළිවෙයි

බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් මහ රැජිණගේ මරණට හේතුවන් ඇයගේ මරණ සහතිකයෙන් අනාවරණය වී තිබෙනවා.

දෙවන එළිසබෙත් රැජින වයෝවෘද්ධභාවයට පත්වීම නිසා මිය ගිය බවටයි ඇයගේ මරණ සහතිකයෙන් හෙළි වී ඇත්තේ.

මහ රැජිණ සැප්තැම්බර් 08 වනදා පස්වරු 3.10ට මියගොස් සිටි බව එහි දැක්වෙන අතර, බකින්හැම් මාළිඟය රැජිණගේ මරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ එදින පස්වරු 6.30ටයි.

මිය යන විට මහ රැජිණ 96 හැවිරිදි වියේ පසු වූ අතර ඇයගේ මරණ සහතිකයට අත්සන් කර ඇත්තේ රැජිනගේ දියණිය වන ඈන් කුමරිය විසින්.

කෙසේ වෙතත් වයෝවෘද්ධභාවයට පත්වීම පමණක් මරණ සහතිකයේ මරණයට එකම හේතුව ලෙස සාමාන්‍යයෙන් ප්‍රකාශයට පත් නොවන බවයි විදෙස් මාධ්‍යවල වැඩි දුරටත් සඳහන් වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
22
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?